Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩුප්ලෙසී අවසන් මොහොතේ එන්න බෑ කියයි
එල්.පී.එල්. - 2021

ඩුප්ලෙසී අවසන් මොහොතේ එන්න බෑ කියයි

editorial - 2021 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී යාපනය කිංග්ස් කණ්ඩායම සිය පළමු විදෙස් කී‍්‍රඩකයා ලෙස තෝරාගත් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ෆෆ් ඩුප්ලෙසි, තමාට තරගාවලියට සහභගිවීමට නොහැකි බව කණ්ඩායමේ හිමිකරුවන්ට අවසන් මොහොතේ දන්වා ඇත.

මෙරව අබුඩාබි දහයයි-10 තරගාවලියේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායකත්ව දැරූ ඩුප්ලෙසි, එම තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා තවත් කී‍්‍රඩකයන් පිරිසක් සමග දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

කෙසේ වුවත් කොවිඩ්-19 වයිරසයේ නවතම ඔමික්‍රෝම් ප‍්‍රභේදය බහුල ලෙස පැතිර යෑම නිසා අපි‍්‍රකානු මහද්වීපය තුළ දැඩි සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ යළි සිය මව් රට බලා යෑමට තීරණය කර ඇත.  

”එල්.පී.එල්. තරගාවලියට සහභාගිවීම සහ නොවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුව තිබීම නිසා පසුගිය සතිය මට තරමක් අසීරු එකක් වුණා. මේ වන විට ලොව පුරා පවතින නවතම කොවිඞ්-19 වසංගත තත්ත්වය අනුව රටවල් අතර ගමන් කිරීමේදී විශාල වශයෙන් අභියෝගවලට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා.”

”දැනටමත් දකුණු අපි‍්‍රකාව හුඟක් රටවල රතු ලැයිස්තුවට එක්වී තිබෙනවා. ඒ වගේම හුඟක් ගුවන් ගමන් සේවා දකුණු අපි‍්‍රකාව තුළට සහ ඉන් පිටතට පියාසර කිරීම නවතා තිබෙනවා. මේ වෙනකොටත් මම මගේ පවුලෙන් ඈත් වෙලා දීර්ඝ කාලයක් ගතකරලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක මම පවුලේ අය සමග සිටිය යුතුයි කියා මම හිතනවා.”

”මේ මොහොතේ මම සිටිනා තත්ත්වය පිළිබඳව තේරුම්ගැනීම සම්බන්ධයෙන් ජැෆ්නා කණ්ඩායමේ හිමිකරුවන්ට සහ කලමණාකාරීත්වයට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. අවස්ථාවක් ලැබුණොත් අනාගතයේදී නැවතත් ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි සිය ඉවත්වීම සම්බන්ධයෙන් ඩුප්ලෙසි එවා ඇති නිවේදනයේ සඳහන් වේ.

ඩුප්ලෙසීගෙන් හිඩැස් පිරවීම සඳහා එංගලන්ත කී‍්‍රඩක කොලර් කැඞ්මෝ සිය කණ්ඩායමට එක්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබූ අතර ඔහු ඊයේ (5 වැනිදා) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති සමාරම්භක තරගයටද කී‍්‍රඩා කළේය.

අබුඩාබි දහයයි-10 තරගාවලියේ තරග 12 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 288 ක් රැස්කළ කැඩ්මෝ දහයයි-10 ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කී‍්‍රඩකයාද වේ. බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී පන්දු 39 කින් ලකුණු 96 ක් රැස්කිරීමට කැඩ්මෝ සමත් වූයේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි.

 


අදහස් (0)

ඩුප්ලෙසී අවසන් මොහොතේ එන්න බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.