Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙට්ට කෑලි උඩ පුහුණුවී දිනාගත් පදක්කමක කතාව

මෙට්ට කෑලි උඩ පුහුණුවී දිනාගත් පදක්කමක කතාව

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සටහන හා ඡායාරූප සඳලංකාව-හේමලතා ඩී හේවගේ)

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වූ 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මල්ලව පොර තරඟය සඳහා සහභාගීවූ නෙත්ම් අහිංසා පෝරුතොටගේ ක්‍රීඩිකාව කිලෝ ග්‍රෑම් 57 බරපන්තිය යටතේ පැවති තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වූවාය.

මෙරට ඉතිහාසයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මල්ලවපොර තරඟයකින් පදක්කමක් දිනාගත් ප්‍රථම ක්‍රීඩිකාව බවට පත්වන්නේද ඇයයි.

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉදිමින්න වෙල්පල්ල ප්‍රදේශයේ පදිංචි නිශාන්ත පුෂ්පකුමාර සහ රන්මලී ශ්‍රියානි වසුන්දරා නම් දෙපලට උපන් නෙත්මි අහිංසා දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දියණියයිග ඇයට වැඩිමල් සොහොයුරියක් සහ මල්ලී හා නංගී කෙනෙකු සිටිති.                

වෙල්පල්ල සංඝරතන මහා විද්‍යාලයේ 12 වන වසරේ කලා අංශයෙන් උසස් පෙළ හදාර මින් තවමත් පසල් වියේ පසුවන ඇය තම ක්‍රීඩා දිවිය ආරම්භ කල ආකාරය පිළිබඳව පැවසුවේ මෙසේය.  

මම කුඩා කාලයේ පාසල් ගියේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් මැල්ලව ප්‍රාථමික විද්‍යාලයටයි. අපි මුලින් පදිංචිවෙලා හිටියේ ඒ ගමේග දෙකේ පන්තියේදි තමයි වෙල්පල්ල සංඝරතන මහා විද්‍යාලයට ආවේග මම ඉගන ගන්න හරිම ආසයි. ඒ වගේම නටන්නත් ආසයි. ඉස්කෝලෙදි ඉගෙනුම් කටයුතු සිදුකරන්නේ නැති අවස්ථාවල ටීචර්ලත් එක්ක එකතුවෙලා සිංදු කිය කියා නටනවා.

මගේ හිතකවත් තිබුනේ නැහැ මේ වගේ ක්‍රීඩාවකට සම්බන්ධ වෙන්නග හැබැයි මම ඒ දවස්වල ගොඩක් මහතයි. දවසක් මගේ යාඵවෙක් කිව්වා එනවද රෙස්ලින් සෙල්ලම් කරන්න කියලා. මම කිව්වා තත්තගෙන් අහලා බලන්න කියලා.

එතකොට මම ඉගනුම ලැබුවෙ නමය ශ්‍රේණියේග සුරංග කුමාර මාස්ටර ඇවිත් අපේ තාත්තත් එක්ක කථා කරලා එයාව කැමති කර ගත්තා. මම ක්‍රීඩාව කරන්න කැමති වුනේ මහත අඩු කර ගන්න පුඵවන් වෙන නිසා. එදා ඉඳන් අද වෙනකම් මේ ක්‍රීඩාව කරනවා. මුල ඉඳලම ඉදිරිපත්වුන හැම තරඟයකින්ම ජයග්‍රහණය කලා.

ඒ එකක් වත් පහසුවෙන් ලබපු ජයග්‍රහණ නෙමෙයි.

අපිට පුහුණුවීම් කරන්න හරිහැටි තැනක් තිබුනේ නැහැ. කුඩුබත් ගොඩවල් උඩල කැඩුන මෙට්ට කෑලි උඩ තමයි පුහුණුවුනේග වහින වෙලාවට එකේ වහලෙන් තෙමෙනවාග නමුත් වැස්සේ තෙමි තෙමීත් අපි පුහුණුවුනා.

වෙන රටවල ක්‍රීඩිකාවන්ට වගේ අවශ්‍ය කෑම වර්ග විටමින් වර්ග අපිට තිබුනේ නැහැ. බාධක රැසක් මැද්දේ තමයි පුහුණුවුනේ ඒකයි මේ පදක්කමේ වටිනාකම වැඩි.                                           

අපි පුහුණුවීම් කරන්නේ පිරිමි ළමයි එක්ක. පිරිමි අය සමග පොර බදනකොට විශාල ශක්තියක් වැය කරන්න වෙනවා. සමහර අවස්ථාවල අතපය උළුක් වෙනවා. තැල්මවල් ඇති වෙනවා. ඒ එකක්වත් ගණන් ගත්තේ නැහැ. දිගටම පුහුණුවීම් කළා.     

2018-19 වසරවල ජතික මහා ක්‍රීඩා උළලවලදී ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහනය කලා. 2021 වසරේ රුසියාවේ පැවති ලෝක ශූරතා තරඟාවලියේදී ලංකාව අටවන ස්ථානයට ගේන්න මට හැකියාව ලැබුනා.

මේ තරඟාවලියට අපි හොඳ සූදානමකින් හිටියේ. ඒ සඳහා පුහුණුවීම් කලාග මගෙ මාස්ටර්ල අපේ අමමාල තාත්තා ඇතුඵ පවුලේ සෑම දෙනාමල විශේෂයෙන් මාස්ටගෙ නෝනාල අපේ පාසලේ විදුහල්පති අරුණ ශාන්ත මහතාල ආචාර මණ්ඩලය මේ සෑම කෙනෙක්ම මට විශාල සහයෝගයක් ලබාදුන්නාග ඒ නිසා තමයි මට මෙවැනි ජයග්‍රහනයක් ලබාගැනීමට හැකිවුනේ.                

ලබන සැප්තැම්බර් මාසයේ ලෝක ඛණිෂ්ඨ ශූරතාතරඟාවලිය පැවැත්වෙනවාග ඒකෙදි රන් පදක්කම ජයග්‍රහනය කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මගෙ ලොකුම හීනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම. කෙසේහෝ ඒ බලාපරොත්තුව මම ඉෂ්ඨකරගන්නවා යැයිද ඇය පැවසූවාය.  

නෙත්මි අහිංසාගේ මව වන රන්මලී ශ්‍රියානි වසුන්දරා මහත්මිය තම දියණියගේ ජයග්‍රහනය පිළිබඳව මසේ කීවාය.                                            

මට දියණියන් තිදෙනෙක් සහ එක පුතෙක් ඉන්නවා. අහිංසා පවුලේ දෙවැනියා. ලොකු දුව විවාහ වෙලා. කුඩා කාලයේ ඉඳන්ම අනෙක් දරුවන්ගේ නැති දඩබ්බර කමක් මෙයාගේ තිබුනා. අහිංසා ඉගන ගන්නත් හරි දක්ෂයි. නටන්න, චිත්‍ර අඳින්න හොඳ හැකියාවක් තියෙනවා. මේ ක්‍රීඩාව කරන්න පටන්ගත්තාට පස්සේ එයා ගොඩක් ඒක වෙනුවෙන් කැපවුනා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නකොට දවසට පැයකට වඩා නිදා ගත්තේ නැහැ. පාඩම් කරනකොට පුහුණුවීම් අතපසුකලේ නැහැග විභාගයත් ඉහලින්ම සමත්වුනා. අපි හරි අමරුවෙන් දුවව ඔය තැනට ගෙනාවේග එයාට අවශ්‍ය කෑමක් බීමක් දෙන්න තරම් වත්කමක් අපිට නැහැ.

මහත්තයා මේසන් වැඩ කරන්නේග ගමේ හැදෙන ඔය කොස් දෙල් මඤ්ඤොක්කාල පොළොස් වාගේ දේවල් තමයි අපේ දරුවෝ කෑවේ. දුවගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවදාහරි ජාත්‍යයන්තරය ජය ගන්නවා කියලාග එයාගේ කාමරයේ බිත්තිවල හැතැනම ඒවා ඇඳලා තියෙනවාග දුව ඇඳපු ඒ සිතුවම් අද සැබෑවක් වෙලා.

නෙත්මි අහිංසාගේ පුහුණුකරු සුරංග කුමාර මහතා  මෙම ජයග්‍රනය පිළිබඳව කථා කලේද ඉතා සතුටෙණි.               
අහිංසා වගේම තවත් දක්ෂ දරුවන් රැසක් මා යටතේ පුහුණුවීම් කරනවා. මේ තරඟයට ඉදිරිපත්වුනේ දෙන්නයි. මට ලොකු විශ්වාසයක් තිබුනා මෙයා කුමනහෝ පදක්කමක් ලබාගනීවි කියලා. ඇයට ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සියල්ලම අපි ලබාදුන්නා. මෙයාලව මේ තැනට ගේන්න අපි ගොඩක් කැපවීම් කලා. පුහුණුවෙන්න හරිහැටි තැනක් තිබුනේ නැහැ. අවශ්‍ය කරන පෝෂණය ලබාගන්න ඕනා ආහාර පාන තිබුනේ නැහැ. ඒත් ඒ මොනදේ නැතිවුනත් අපි අද අපේ දක්ෂතාවය පෙන්නලා තියෙනවා. මේක නෙමෙයි අපේ ටාගට් එක ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහනය කිරීම. කෙසේ හෝ අපි ඒකත් ජයගන්නවා යැයිද ඔහු පැවසීය. 

 


අදහස් (0)

මෙට්ට කෑලි උඩ පුහුණුවී දිනාගත් පදක්කමක කතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.