Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලසිත් - කුසල් රෙඩ්ස් පිලේ ජය ඉක්මන් කරති

ලසිත් - කුසල් රෙඩ්ස් පිලේ ජය ඉක්මන් කරති

editorial - 2022 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 ලීගයේ පළමු තරගය ලෙස රෙඩ්ස් ‍කණ්ඩායම සහ ග්‍රේස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට රෙඩ්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සදහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය රෙඩ්ස් ක්‍රීඩකයෝ ඕවර 16.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් (34) සමග එක්ව පන්දු 72 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලසිත් කෘස්පුල්ලලේ (54) රෙඩ්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමු‍වේය. පන්දු 44 කදී වාර්තා වූ ලසිත්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 30 කදී වාර්තා වූ කුසල්ගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනූ රෙඩ්ස් කණ්ඩායමේ ‍ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායම ඕවර 20 අවාසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 120 ක් ලබාගත්තේය. ග්‍රේස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොවින් සුබසිංහ පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 32 ක් රැස්කළ අතර මුදිත ලක්ෂාන් පන්දු 35 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.  

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළූ අතර ඊට ග්‍රේස් කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියන්ජන්ගේ කඩුල්ලද ඇතුළත් විය. ග්‍රේස් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීම සඳහා අසිතට අනගි සහායක් දුන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගත්හ. කළණ පෙරේරා ලකුණු 17 කට කඩුල්ලක් දවාගත් අතර වනිඳු හසරංගට කඩුලු දවාගැනිමට නොහැකි විය.

මෙම තරගයේදී රෙඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයන් 7 දෙනෙක්  ක්‍රීඩා කළ නමුත් ග්‍රේස් කණ්ඩායමට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණි. එහිදී කුසල් මෙන්ඩිස් විසින් රෙඩ්ස් කණ්ඩායමද, අෂාන් ප්‍රියන්ජන් විසින් ග්‍රේස් කණ්ඩායමද මෙහෙයවනු ලැබූහ.

 
ග්‍රේස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 120
(අෂාන් රන්දික 20, මුදිත ලක්ෂාන් 24, මොවිඳු ලක්ෂාන් 32, පුලින තරංග නොදැවී 16, අසිත ප්‍රනාන්දු 22/4, මහීෂ් තීක්ෂණ 16/2, මතීෂ පතිරණ 16/2)

රෙඩ්ස් පිල - ඕවර 16.5 කදී කඩුලු 4 කට 121
(ලසිත් කෘස්පුල්ලේ 54, කුසල් මෙන්ඩිස් 34, කමිඳු මෙන්ඩිස් 15, ධනංජය ද සිල්වා 36/2)

 


අදහස් (0)

ලසිත් - කුසල් රෙඩ්ස් පිලේ ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.