Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සමාරම්භක තරගයේ ජය ගෝල් ග්ලැඩියේටර්ස්ට
එල්.පී.එල්. - 2021

සමාරම්භක තරගයේ ජය ගෝල් ග්ලැඩියේටර්ස්ට

editorial - 2021 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. ඉකුක් වසරේ (2020) ශූරතාව දිනාගත් යාපනය කණ්ඩායම මෙවර තරගාවලියේ සමාරම්භක තරගයේදී පරාජය වූයේ එවර අනු ශූරයන් බවට පත්වූ ගාල්ල කණ්ඩායම හමුවේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම  ඕවර 18.4 ක් අවසානයේ ලකුණු 110 කට සීමා කිරීමට සමීට් පටේල් ප‍්‍රමුඛ ගෝල් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ පටේල් 21 කට කඩුලූ 3 ක් දවාගත්තේය. මොහොමඞ් හෆීස් ලකුණු 11 කටත්, පුලින තරංග ලකුණු 13 කටත් කඩුලූ 2 බැගින් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කිරීම සඳහා පටේල්ට අනගි සහායක් දුන්හ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ වහබ් රියාස් පන්දු 20 කදී ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

ආරම්භක පිතිතරු උපුල් තරංග පන්දු 13 කදී ක් හතරේ පහර 4 ක් සමග ලකුණු 17 ක්ද, සම්මු අෂාන් පන්දු 19 කදී හතරේ පහරක් සමග ලකුණු 15 ක්ද රැුස්කළහ. ඔවුන් තිදෙනා හැරුණු කොට සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාව පසුකර යෑමට ගෝල් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය.

මන්දගාමී ආරම්භයක් ලබාගත්ද අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සමීට් පටේල්, පන්දු 31 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 42 ක් රැස්කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ආවේය. තහනමකට ලක්ව සිටීමෙන් පසුව යළිත් තරග බිමට පිවිසි ධනුෂ්ක ගුණතිලක ලකුණු 8 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 16 කටත් පිටියෙන් ඉවත් කිරීමට ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නෝ සමත් වූහ.

ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමේ අවසන්  ඕවරය ලකුණු 4 කට සීමා කරමින් එහිදී දවාගත් කඩුලූ 2 ත් සමග සිය  ඕවර 4 තුළදී ලකුණු 23 කට කඩුලූ 3 ක් බිඳහෙළීමට ජේඞ්න් සීල්ස් සමත් විය. අබුඩාබි දහයයි-10 තරගාවලියේ වීරයා බවට පත්වූ වනිඳු හසරංග මෙම තරගයේදී කඩුලූ 2 ක් දවාගත්තේ සිය  ඕවර 4 තුළදී ප‍්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 30 ක් ලබා දෙමිනි.


ගෝල් ග්ලැඩියේටර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 164
(කුසල් මෙන්ඩිස් 16, මොහොමඞ් හෆීස් 15, බෙන් ඩන්ක් 17, භානුක රාජපක්ෂ 56, සමීට් පටේල් 42, ජේඞ්න් සීල්ස් 23/3, වනිඳු හසරංග 30/2)
 
ජැෆ්නා කිංග්ස් පිල -  ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 110
(උපුල් තරංග 17, සම්මු අෂාන් 15, වහබ් රියාස් 27, සමීට් පටේල් 21/3, මොහොමඞ් හෆීස් 11/2, පුලින තරංග 13/2)

 


අදහස් (0)

සමාරම්භක තරගයේ ජය ගෝල් ග්ලැඩියේටර්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.