Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ක්‍රීඩකයෝ 6 වැනි ජයත් ලබති
රග්බි ලීගය

සී.ආර්. ක්‍රීඩකයෝ 6 වැනි ජයත් ලබති

editorial - 2023 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ ඊයේ (29 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 22-18 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-07 ක් ලෙස සී.ආර්. කණ්ඩායම පෙරමුණේ පසුවිය. දෙවැනි අර්ධය තුළ සී.ආර්. කණ්ඩායම ලකුණු 8 ක් ලබාගනිද්දී, යුද හමුදා කණ්ඩායමට ලකුණු 11 ක් ලබාගැනීමට සමත් විය. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය සී.ආර්. කණ්ඩායම සතු විය.

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සමග ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සමග ලකුණු ලබාගත් යුද හමුදාව දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත්හ.

රවීන් ද සිල්වා 16 වැනි විනාඩියේදීද, මනිල්ක සුලක්ෂණ 27 වැනි විනාඩියේදීද, කලිඳු මුදියන්සේලාගේ 63 වැනි විනාඩියේදීද සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 2 ක් සාර්ථක කර ගැනීමට තේනුක නානායක්කාර සමත් වූ අතර සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත්තේ මොහාන් චතුරය.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් සුදාරක දික්කුඹුර 36 වැනි සහ 80 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ලබාගත්තේය. ඉන් එක් ප්‍රවර්ථනයක් සහ යුද හමුදාවට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ චතුරංග දිල්ෂාන් විසිනි.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ 6 වැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.