Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාවලපිටිය සිසිර ලලිත් කුමාර)
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 16 න් පහළ මීටර් 300 කඩුලු පැනීමේ තරගයෙදී තත්පර 40.27 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කනිෂ්ඨ නව තරග වාර්තාවක් පිහිටුවීමට නුවරඑළිය ගාමිණී විද්‍යාලයේ දසුන් රන්දීප රණතුංග පසුගියදා සමත් විය.
නුවරඑළිය ගාමිණී විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දසුන් රන්දීප වයස 14 න් පහළ මීටර් 80,100 හා මීටර් 200 තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. 2023 මීටර් 80,100 කඩුලු පැනීම ජයග්‍රහණය කිරීම, රිට්ස්බරි ජෝන් ටාබට් තරගාවලියේ දී මීටර් 75 කඩුලු පැනීම රිදී පදක්කම හා එහි තත්පර 11.2 ක කාලයකින් තරගය නිමා කරමින් නව තරඟ වාර්තාවක් තැබීම, මීටර් 200 තරගයෙන් ලෝකඩ පදක්කමද හිමිකරගෙන ඇත.
2024 පාසල් හා කලාප ක්‍රීඩා තරගාවලින් දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් 2024 කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරඟ වාර්තාවක් සමඟ රන් පදක්කම හා මීටර් 100 කඩුලු පැනීමෙන් රිදී පදක්කම දිනා ගැනීමටත් දසුන් රන්දීප සමත් විය. දසුන්ගේ පුහුණුකරු ලෙස කොත්මලේ අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා උපදේශක චින්තක නවරත්න මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.