Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැකාවෝ මැරතන් තරගයට රත්නපාල - වත්සලා

මැකාවෝ මැරතන් තරගයට රත්නපාල - වත්සලා

editorial - 2024 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැකාවෝ රාජ්‍යයේදී දෙසැම්බර් 1 වැනිදා පැවැත්වෙන ගැලැක්ෂි ජාත්‍යන්තර මැරතන් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තලවරිගේ රත්නපාල (පිරිමි ඉසව්ව) හා වත්සලා මධුෂානි හේරත් (කාන්තා ඉසව්ව) ඊයේ (27) දිවයිනෙන් පිටත්ව ගියේය.

වසර 2024 ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලියේ කාන්තා හා පිරිමි යන ඉසව් දෙකේ රන් පදක්කම් දිනාගත් රත්නපාල හා වත්සලා මෙලෙස මෙම තරග සංචාරයට නිර්දේශ ලබා ගැනීමට සමත් විය.

මැකාවෝ මැරතන් පිරිමි ඉසව්වට නිර්දේශ ලබා ගත් තලවරිගේ රත්නපාල 2023 වසරේදීත් ජාතික මහ ක්‍රීඩා මැරතන් (පිරිමි) තරගය ජය ගත් ක්‍රීඩකයායි. දඹානේ හෙන්නානිගල උපන් වැදි පරපුරෙන් පැවැත එන මැරතන් ක්‍රීඩක රත්නපාලට නෑකමින් වත්මන් ආදී වාසී වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ මාමා වේ.

මැකාවෝ මැරතන් තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවගේ පුහුණුකරු ලෙස ප්‍රවීණ දිගු ධූර ධාවන හා මැරතන් ඉසව් පුහුණුකරුවෙකු වන සජිත් ජයලාල් මහතා කටයුතු කරයි.

මැකාවෝ ගැලැක්ෂි ජාත්‍යන්තර මැරතන් තරගාවලිය කාන්තා හා පිරිමි ඉසව් හයකින් සමන්විත වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දසදහසක් පමණ ඊට සහභාගි වෙති.මහජන චීන සමුහාණ්ඩුවේ විශේෂ පරිපාලන කලාපයක් ලෙස පවත්වා ගෙන යන මැකාවෝ වර්ග සැතපුම් 12.7 කට සීමාවී තිබේ. එහි ජනගහනය ලක්ෂ හතකි.

මැකාවෝ ගැලැක්ෂි මැරතන් තරගයේ ජයග්‍රාහි ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට ඩොලර් 40000 ක් බැගින් ප්‍රදානය වෙති.10 වැනි ස්ථාන දක්වා එහිදී මුදල් තය්‍යාග ප්‍රදානය කෙරේ.


අදහස් (0)

මැකාවෝ මැරතන් තරගයට රත්නපාල - වත්සලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.