Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුව විශ්ව විද්‍යාලයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2017 අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් වූහ.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත අනුශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින්ද, තුන්වැනි ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලය විසින්ද හිමිකරගන්නා ලදී.
නව තරග වාර්තා 10 ක් සහ එක් වාර්තා සම කිරීමක් මෙම තරගාවලියේදී වාර්තා වූ අතර ඊට අමතරව පිරිමි මලල ක්‍රීඩා ශූරතාව ශ්‍රී ජයවර්ධනපුරටද, කාන්තා ශූරතාව සබරගමුවටද හිමිවිය.
ඵිරිමි අංශයේ අනුශූරතාව සහ කාන්තා අංශයේ අනුශූරතාව පිළිවෙළින් සබරගමුව සහ කැලණිය විශ්ව විද්‍යාල විසින් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රිඩා කමිටුවේ මෙහෙයවීමෙන් අදාළ තරගාවලිය පැවැති අතර තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපරිම දක්ෂතා ලබන අගෝස්තු 19 සිට 30 දක්වා චීන තායිපේ හි පැවැත්වීමට නියමිත 29 වැනි ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා අවධානය යොමුකරන බව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කමිටුවේ ලේකම් පාලිත වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා නව තරග වාර්තා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.