Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අනුරාධ ශී‍්‍ර ලංකාවට 5 වැනි පදක්කම ගෙනෙයි

අනුරාධ ශී‍්‍ර ලංකාවට 5 වැනි පදක්කම ගෙනෙයි

ශනුක අරවින්ද - 2013 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකාවට සිව්වැනි ලෝකඩ පදක්කම දිනා දීමට විදුසංක අනුරාධ අද (22 වැනිදා) සමත්විය.

මෙම කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව දිනාගත් 5 වැනි පදක්කම වන මෙම ලෝකඩ පදක්කම අනුරාධ විසින් දිනා ගන්නා ලද්දේ මීටර 400 කඩුලූ පැන දිවීමේ තරගය තුන්වැනියා ලෙසින් අවසන් කරමිනි. තරගය නිමා කිරීම සඳහා ඔහුට ගතවූ කාලය තත්පර 54.05 කි.

තත්. 52.79 කින් තරගය නිමා කළ තායිලන්තයේ තුම්චා විතාවත් එහි රන් පදක්කම දිනාගත් අතර තත්. 53.89 කින් තරගය නිමා කළ සූර්යාබි ජවාඞ් රිදී පදක්කම දිනාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මීටර් 110 කඩුලූ පැන දිවීමේ තරගයේදී (බාලක) රිදී පදක්කමක්ද, ස්කොෂ් (බාලිකා), මීටර් 400 (බාලිකා), මීටර් 800 (බාලිකා) සහ මීටර 400 කඩුලූ පැන දිවීම (බාලක) යන තරග ඉසව් වලදී ලෝකඩ පදක්කම් 4 ක්ද ඇතුළත්ව පදක්කම් 5 ක් දිනාගෙන තිබේ.


 


අදහස් (0)

අනුරාධ ශී‍්‍ර ලංකාවට 5 වැනි පදක්කම ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.