Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අනිල් 7 - උපුල් 8

අනිල් 7 - උපුල් 8

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ දී දැන් පැවැත්වෙන පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 200 (ටී42) ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අනිල් ප්‍රසන්න ජයලත් හත්වැනි ස්ථානයද, උපුල් ඉන්දික චුලදාස අට වැනි ස්ථානයද ලැබුහ.


අනිල් සහ උපුල් දෙදෙනා මුලික වටයේ සුදුසුකම් ලැබීමේ තරගවලින් සිවුවැනි ස්ථානය ලැබුවද ඔවුන්ට අවසන් තරගයේ ක්‍රීඩකයන් අට දෙනා අතරට යාමේ අවස්ථාව හිමිවුහ. ඒ මුලික වටයේ තරග සදහා තරගකරුවන් අට දෙනකු පමණක් සහභාගි වු බැවින් අවසන් තරගයට ඔවුන් අට දෙනාටම අවස්ථාව ලබාදීම නිසාය.


අනිල්, අවසන් තරගයේදී තත්පර 25.96 කින් තරගය අවසන් කළේය. ඔහු මුලික වටයේ තරගය අවසන් කළේ තත්පර 25.95 කිනි.
 මෙම වසරේදී ඩුබායිහි පැවැති ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිත වුවන්ගේ ක්‍රීඩා උළෙලේදී අනිල්, මෙම ඉසව්ව තත්පර 25.12 කින් අවසන් කර ආසියානු වාර්තාවක්ද පිහිටුවීය.


මෙම ඉසව්වේ දෙවැනි මුලික වටයේ තරගයට සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් ඉන්දික චුලදාස සිය හොදම තරග නිමි කාලය වාර්තා කරමින් තත්පර 26.34 කින් තරගය අවසන් කළද, අවසන් තරගයේදී ඔහු වාර්තා කළ කාලය තත්පර 26.68 කි. මෙම ඉසව්වේ මුලික වටයේදී පැරලිම්පික් වාර්තාවක්ද පිහිටුවමින් (තත්පර 23.07 ) හොදම තරග නිමි කාලය වාර්තා කළ එංගලන්තයේ රිචඞ් විත් හෙඞ්, රන් පදක්කම දිනා ගත්තේ තත්පර 23.39 ක කාලයක් ලබමිනි.


මීටර 400 (ටී 44) ඉසව්වේ මුලික වටයේ තරගයට ඊයේ සහභාගි වු අජිත් හෙට්ටිආරච්චි හයවැනි ස්ථානය ලැබීය. අජිත් තරගය තත්පර 24.58 කින් නිම කර සිය හොදම තරග නිමි කාලය වාර්තා කළේය.


-090


අදහස් (0)

අනිල් 7 - උපුල් 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.