Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අයොමාල්-ජත්‍ය අවසන් පූර්ව වටයට

අයොමාල්-ජත්‍ය අවසන් පූර්ව වටයට

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පේරු රාජ්‍යයේ  ලීමා නුවරදී පැවැත්වෙන  ලෝක මලල ක්‍රීඩා (වයස 20 න් පහළ) ශූරතා  තරගාවලියේ පෙරේදා (28) හා ඊයේ (29) අලුයම ශ්‍රී  ලංකාව තරග වැදීමේදී  මීටර් 400 - කඩුලු (පිරිමි) ඉසව්වේ  මූලික තරග වටයට සහභාගි වූ ශ්‍රී  ලංකා ක්‍රීඩක අයොමාල් අකලංක  කුඩලියනගේ තත්පර 52.04 ක වේගවත්ම කාලයක් ලබා ගනිමින් එහි අවසන් පූර්ව  වටයට නිර්දේශ ලැබීමට සමත් විය.

අයොමාල් දෙවැනි මූලික තරගයට සහභාගි වෙමින් සිවුවැනි ස්ථානයට එහිදී  තරගය අවසන් කළේය.එහි තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයෝ කෙළින්ම අවසන් පූර්ව  වටයට නිර්දේශ ලබා ගත්හ.

එහිදී  ඉසව්වේ  මූලික  වටයේ තරග හතේ සමස්ත ප්‍රතිළුලයන්ට අනුව වේගවත්ම කාලයක් වාර්තා  කළ  ක්‍රීඩකයන් අතරට පැමිණෙමින්  අයෝමාල් අද (30) පැවැත්වෙන එහි අවසන් පූර්ව  තරග වටයට නිර්දේශ  ලැබීය. මෙම  ක්‍රීඩකයා උඩුබුත්ගම අඹගමුව  මැදි  විදුහලේ  සිසුවෙකි.ඔහුගේ  ඊයේ දක්ෂතා අනුව අවසන් පූර්ව  තරග සදහා  නිර්දේශ  ලබා සිටින 24 දෙනා අතරේ  12 වැනි ස්ථානයේ  පසුවේ.

මේ අතර  උස පැනීම (පිරිමි) ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් දෙදෙනාම පරාජයට පත් වූහ. එහිදී බී කාණ්ඩයේ මූලික තරගයට සහභාගි වූ තරූෂ දිනූෂ හා ලෙසදු ආතාවිදු මීටර් 2.05 ක් වන සමාන දක්ෂතාවක් පළ කර තිබුණි.                

අවසන් තරගයට 12 දෙනකු නිර්දේශ  ලබන සුදුසුකම්  ලැබීමේ තරග වටයේ සමස්ත ප්‍රතිඵලයට  අනුව ඔවුන් දෙදෙනා පිළිවෙළින් 14 හා 15 වැනි ස්ථාන අත් කර ගෙන තිබුණි. මීටර්  400 ක්‍රීඩිකා ජිත්මා විජේතුංගද පෙරේදා මූලික වටයේදී පරාජයට පත්වූ ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවකි. ඇය තත්පර 56.16 කට පළමු මූලික තරගයේදී අට වැනි (අවසන්) ස්ථානයට පත්වූවාය.මූලික තරග වටයේ සමස්ත ප්‍රතිඵලයට  අනුව ඇය ලබා සිටියේ 48 වැනි ස්ථානයයි.

තුන් පිම්ම ( කාන්තා) ඉසව්වේ  සුදුසුකම්  නිර්දේශ  වටයේදී ශ්‍රී  ලංකා ක්‍රීඩිකා මධුෂාණි  හේරත් සමස්ත ප්‍රතිඵලයට  අනුව මීටර් 12.23 කට 26 වැනි ස්ථානය  දක්වා පහළට වැටී තිබුණි.

මීටර්  400 (පිරිමි ) මූලික වටයේ සිවුවැනි තරගයට සහභාගි වූ  ශ්‍රී  ලංකා ක්‍රීඩක ජත්‍ය කිරුලු තත්පර  47.64 කට අවසන් පූර්ව  වටයට නිර්දේශ  ලබා ගත්තේය.  එහෙත් එහිදී ජත්‍ය වාර්තා කළ තත්පර 47.85 අවසන් තරගයට ප්‍රවේශවීමට ප්‍රමාණවත් නොවීය.


අදහස් (0)

අයොමාල්-ජත්‍ය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.