Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අරුණසිරි - මධුමාලි මැරතන් ශූරතා දිනති

අරුණසිරි - මධුමාලි මැරතන් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාතේ මධුමාලි පෙරේරා අද (01දා) පෙරවරුවේ මහියංගනය නගරය ආශ්‍රිතව පැවැති 43වැනි ජාතික ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරගයේදී ජාතික ක්‍රීඩා මැරතන් කාන්තා තරගයක ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් ප්‍රථම ස්ථානය දිනාගත්තාය.

ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම මැරතන් තරගයේදී මධුමාලි පෙරේරා සිය තරගය පැය 2:55.36 කින් නිමකොට 2010 වසරේ වෙන්නප්පුවේ පැවැති ජාතික ක්‍රීඩා මැරතන් තරගයේදී කේ.ඒ.එම්. මංජුලා කුමාරසිංහ (බස්නාහිර) විසින් වාර්තා කරන ලද උපරිම දක්ෂතාව (පැය 2:56.00) වසර 07කට පසු අභිබවා යෑමට සමත් වූවාය.

43වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් (පිරිමි-කාන්තා) සහ පාපැදි රේසිං (පිරිමි-කාන්තා) තරග ඊයේ පැවැත්විණ.

මේ අතර පිරිමි මැරතන් තරගයේදී උතුරු මැද පළාතේ ආර්.ඒ.පී.ඩී. අරුණසිරි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. ඔහු ගතකළ කාලය පැය 2:25.13 කි. මීට සමගාමීව  පාපැදි රේසිං තරගයද පැවැති අතර එහිදී ඒ.එස්. ඩිමන්ත (බස්නාහිර) සිය තරගය පැය 3:31.19 කින් අවසන් කොට පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේය. එහි කාන්තා තරගය ජයගන්නා ලද්දේ පී.ඒ.එස්. ප්‍රියදර්ශනී (වයඹ) විසිනි. ඇය පැය 1:54.35 කින් සිය තරගය නිම කිරීමට සමත් වූවාය.

 

තරග ප්‍රතිඵල

මැරතන් - පිරිමි  
1. ආර්.ඒ.පී.ඩි. අරුණසිරි (උතුරු මැද) පැය 2:25.13
2. ජී.කේ.එස්. ගුණසේකර (බස්නාහිර) පැය 2:25.14
3. විජිත කුමාර (දකුණ) පැය 2:27.17

 

මැරතන් - කාන්තා
1. මධුමාලි පෙරේරා (බස්නාහිර) පැය 2:55.36
2. වී. ක්‍රිෂාන්තිනී (මධ්‍යම) පැය 2:57.28
3. බී.ජී.එල්. අනුරාධනි (මධ්‍යම) පැය 3:00.00



   
පාපැදි (රේසිං) - පිරිමි
1. එස්.ඒ.එස්. ඩිමන්ත (බස්නාහිර) පැය 3:31.19
2. එම්.ඒ.ඩී. මැඩොන්ෂා (බස්නාහිර) පැය 3:31.19
3. බුද්ධික වර්ණකුලසුරිය (වයඹ) පැය 3:31.19

 

පාපැදි (රේසිං) - කාන්තා
1. පි.ඒ.එස්. ප්‍රියදර්ශනී (වයඹ) පැය 1:54.35
2. දිනේෂා දිල්රුක්ෂි (වයඹ) පැය 1:54.35
3. ඩී.ඒ.එස්. දිල්හානි (බස්නාහිර) පැය 1:54.35


 


අදහස් (0)

අරුණසිරි - මධුමාලි මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.