Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු යොවුන් ක‍්‍රීඩා පදක්කම් ලාභීන් පිළිගන්න මලල ක‍්‍රීඩා සංගමය ඇවිත් නෑ

ආසියානු යොවුන් ක‍්‍රීඩා පදක්කම් ලාභීන් පිළිගන්න මලල ක‍්‍රීඩා සංගමය ඇවිත් නෑ

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැංජින් ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේදී පදක්කම් දිනා පෙරළා දිවයින්ට පැමිණි ශ්‍රී ලංකා මලල කී‍්‍රඩකයන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ බලධාරීන් කටුනායක ගුවන් තොටුපොළොට පැමිණ නොසිටි බව වාර්තාවේ.

චීනයේ නැංජින් නුවරදි නිමාවට පත්වූ දෙවැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ජායම ඊයේ (26) පාන්දර දිවයිනට ළඟා විය.

මේ සම්බන්ධයෙන් මලල කී‍්‍රඩා සංගමයේ නිළධාරීන් කීප දෙනෙකු මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානයේදී දැඩි ලෙස අදහස් දැක්වූ බවත් වාර්තා වේ. ටයෙ

ඔවුන් මේ ගැන පවසා ඇත්තේ එය සමාව දිය නොහැකි වරදක් බවය. නැංජින් කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් හයෙන් හතරක්ම මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිනාගත් අතර එහිදී ශ්‍රී ලංකාව දිනාගත් එකම රිදී පදක්කමද මලල කී‍්‍රඩාවෙන් ලැබීම කැපී පෙනුණි.

කී‍්‍රඩා උළෙලට ගිය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පෙරලා දිවයිනට පැමිණීමේ කාල වේලාවන් ගැන මලල කී‍්‍රඩා සංගමය දැන නොසිටීම මේ තත්ත්වයට හේතු වූ බවද වැඩි දුරටත් වාර්තාවේ.

පදක්කම්ලාභී ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් කටුනායක ගුවන් තොටුපොළේ ප‍්‍රභූ පර්යන්තයට කැඳවාගෙන පැමිණියත් එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණු බවත් වාර්තාවේ. ස්කොෂ් කී‍්‍රඩාවෙන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කී‍්‍රඩිකා මිහිළියා මෙත්සරණි පිළිගැනීමට ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ බලධාරීන් පැමිණ සිටි බවද වාර්තාවේ.


අදහස් (0)

ආසියානු යොවුන් ක‍්‍රීඩා පදක්කම් ලාභීන් පිළිගන්න මලල ක‍්‍රීඩා සංගමය ඇවිත් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.