Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු යොවුන් තරගාවලියට 7 ක් යති

ආසියානු යොවුන් තරගාවලියට 7 ක් යති

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටාර්හිදී දෝහා නගරයේදී ලබන මැයි 8 වැනිදා ආරම්භ වන පළමු ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් හය දෙනෙකු හා එක් ක‍්‍රීඩිකාවකගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය තීරණය කර තිබේ. මෙම අන්තර් ජාතික මලල ක‍්‍රීඩා තරාගවලිය පැවැත්වෙන්නේ පළමු වතාවට වන අතර මෙම වසරේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු අන්තර් ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියද මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා ඇමැති වරයාගේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙන අතර මෙරට පාසල් සිසු සිසුවියන් සහභාගී වන තරගාවලියක් වන බැවින් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ලබා ගත යුතුව ඇත. එසේ වූවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කර මේ වන විට දින ගණනාවක් ගෙවී තිබුණද ඒ සඳහා අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය ලබා දීමට බලධාරින් අපොහොසත් වී සිටින බවද වාර්තා වේ.

මෙම සංචාරයට මුලින් ක‍්‍රීඩකයන් තිදෙනකු හා එක් ක‍්‍රීඩිකාවක් පමණක් සහභාගි කිරීමට තීරණය කර තිබුණත් පසුව ජාතික තේරීමේ කමිටුවේ මැදිහත් වීම මත එය හතක් දක්වා වැඩි කර ඇත්තේ එක් ක‍්‍රීඩකයෙකුගේ පැමිණිල්ලකින් පසුව බවද දැනගන්නට ඇත.

මෙම සංචාරයට සහභාගි වන උස පැනීමේ ක‍්‍රීඩක ධම්මික රණතුංග එළඹෙන ලෝක යොවුන් මලල ක‍්‍රීඩා ශූරතාවලියටද සුදුසුකම් ලබා ගත කී‍්‍රඩකයෙකි.

මෙම කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස අනුර බණ්ඩාර මහතා සහභාගි වන අතර ක‍්‍රීඩිකාව භාර නිලධාරිනිය ලෙස අනුෂා දිල්ෂානි පෙරේරා මහත්මිය කටයුතු කරයි

ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
ධම්මික රණතුංග (උස පැනීම - කුලරත්න මැදි විදුහල), එච්.ඩබ්. චමල් කුමාරසිරි (තුන්පිම්ම - මීරිගම ඞී.එස් සේනානායක විදුහල), යූ. බී. ඞී. එම්. රාජපක්‍ෂ (මීටර 400 කඩුලූ පැන දිවීම - මහනුවර සිල්වෙස්ටර් විදුහල), උදිත චන්ද්‍රසේකර (මීටර 400 කඩුලූ පැන දිවීම - මීගමුව මාරිස්ටෙලා විදුහල), ආසිරි විජේසේකර (මීටර 200 - ගේට්වේ ජාත්‍යන්තර පාසල), උෂාන් තිවංක (උස පැනීම - මීගමුව මාරිස්ටෙලා විදුහල) සහ ඞී. එම්. අයමානි දුලානි (මීටර 400 සහ මීටර 400 කඩුලූ පැන දිවීම - අඹගමුව මැදි විදුහල)


අදහස් (0)

ආසියානු යොවුන් තරගාවලියට 7 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.