Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවැති දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 දෙනෙකු ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමේ පරිසාධන මට්ටම ඉක්ම වූහ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම තේරීම් තරගාවලියේ ආරම්භක දිනයේදී දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), අජිත් ප්‍රේමකුමාර (මීටර 400), දිලිප් රුවන් (මීටර 400), රුමේෂිකා රත්නායක (මීටර 100 සහ මීටර 200), විනෝද් සුරංජය ද සිල්වා (මීටර 100) සහ ධනුක ලියනපතිරණ (දුර පැනීම) අදාළ පරිසාධන මට්ටම ඉක්මවා ලමින් දස්කම් දැක්වූ අතර වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසිකිරීම) දෙවැනි දිනයේදී ඉසව්වේ පරිසාධන මට්ටම ඉක්මවාලීය.
මීට අමතරව පසුගිය අප්‍රේල් මාසයේ පැවැති පුර්ව තේරීම් තරගාවලියේ දී මංජුල කුමාර විජේසේකර (උස පැනීම), හිමාෂ ඒෂාන් (මීටර 100), නිමාලි ලියනාරච්චි (මීටර 800) සහ ගයන්තිකා අබේරත්න (මීටර 800) ආසියානු ශූරතා පරිසාධන මට්ටම ඉක්මවාලූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
ලබන ජූලි 6-9 දක්වා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත 22 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු පමණක් සහභාගී කරවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට (නිලවශයෙන්) ලබාදී ඇති නමුදු මෙරට මලල ක්‍රීඩක ක්‍රිඩිකාවන් මෙතෙක් දක්වා ඇති දක්ෂතා අනුව එම කණ්ඩායමේ සාමාජිකත්වය 20 දක්වා වැඩිකර ගැනීමට ශ්‍රීලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුව බලාපොරොත්තු වේ.
ඒ අනුව පිරිමි අංශයෙන් මීටර 100, 400, 4x100, 4x400, උස පැනීම, දුර පැනීම සහ හෙල්ල විසිකිරීම යන ඉසව්ද, කාන්තා අංශයෙන් මීටර 100, 200, 800 සහ මීටර 3000 බාධක දිවීම යන ඉසව්ද ඇතුළත්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 කට නොවැඩි කණ්ඩායමක් ආසියානු ශූරතාව සඳහා ඉදිරිපත් කිරීමට මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇත.
ඉදිරි දෙසතිය ඇතුළත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව තරගාවලියට සතියකට හෝ දෙකකට හෝ පෙර පූර්ව පුහුණුව සඳහා ඉන්දියාවට යැවීමටද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.