Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඇවිදීමේ ශූරයා දුනුකාර - ශූරිය දිනුෂා

ඇවිදීමේ ශූරයා දුනුකාර - ශූරිය දිනුෂා

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගාවලියේ පිරිමි අංශයේ රන් පදක්කම දිනා ගැනීමට උතුරු මැද පළාතේ ඊ. එම්. අයි. එස්. දුනුකාර සමත්විය. දකුණු පළාතේ දිනුෂා දිල්ශානි, කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගත්තාය.

තලවතුගොඩ කිඹුලාවල ජපන් මිත්‍රත්ව පාලම අසලින් ඇරැඹී මෙම තරගයට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාර්ලිමේන්තු ධාවන පථය වටා කිලෝමීටර 12 ක දුරක් ඇවිද ගියහ.

 ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.

පිරිමි තරගය සඳහා ක්‍රීඩා උළෙලට ඇතුළත් පළාත් නවයෙන් පළාතකින් ක්‍රීඩකයන් 10 දෙනා බැගින් ක්‍රීඩකයෝ 90 දෙනෙක් ද, කාන්තා තරගය සඳහා පළාතකින් ක්‍රීඩිකාවන් 6 දෙනකු බැගින් ක්‍රීඩිකාවෝ 54 දෙනෙක් සහභාගි වුහ.

පිරිමි රන් පදක්කම දිනාගත් අයි. එස්. දුනුකාර තරගය අවසන් කිරීමට පැය 1.විනාඩි 37.00 ක කාලයක් වාර්තා කළේය. රිදී පදක්කම බස්නාහිර පළාතේ ශ්‍යාමික චන්දික (පැ.1.වි.37.48) ද, ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේම ක්‍රීඩක නිරෝෂන් අප්පුහාමි (පැ.1.වි.41.24) ද දිනා ගත්හ.

දිනුෂා දිල්ශානී, පැය 1. විනාඩි 54.21 ක කාලයක් වාර්තා කරමින් කාන්තා තරගය ජය ගත්තාය. බස්නාහිර පළාතේ කල්හාරි මද්දීකා (පැ.1.වි.55.55) කාන්තා රිදී පදක්කම දිනාගත් අතර ඌව පළාතේ එම්. එල්. දමයන්ති ලෝකඩ පදක්කම ද හිමිකර ගත්තාය.

සමස්ත තරග ප්‍රතිඵල අනුව කණ්ඩායම් පිරිමි ශූරතාව වයඹ පළාතට ද, කාන්තා ශූරතාව දකුණු පළාතට ද හිමිවිය.
ජය සංකේත ප්‍රදානය බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
අවසන් තරග ප්‍රතිඵල:


පිරිමි

01. ඊ. එම් .අයි. එස්. දුනුකාර (උතුරු මැද, පැය 1.37.00 )
02. ශ්‍යාමික චන්දික (බස්නාහිර - පැය 1.37.48)
03. ටී. ජී. එස්. නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර, පැය 1.41.24 )
04. ආර්.එම්.එස්.කේ. රණවීර (උතුරු මැද )
05. කේ.වී.එස්. අබේරත්න (බස්නාහිර )
06.ඒ.එම්.සී.ප්රේෂමරත්න (වයඹ )
07.යූ.කේ.එන්.එස්.ප්‍රනාන්දු ( බස්නාහිර )


කාන්තා

01. පී. එම්. දිනුෂා දිල්ශානි ( දකුණු, පැය 1.54.21 )
02. කල්හාරි මද්දීකා (බස්නාහිර, පැය 1.55.55)
03. ටී.කේ.කේ.එම්.එල්. දමයන්ති (ඌව )
04. පී.පී. ගයානනි (දකුණ )
05. යු.එච්. ලක්ෂ්මි කල්යා්ණි (දකුණ )
06. එම් .එම් .එස් .ජයරත්න (උතුරු මැද )
07.ඩබ්.ජී. පී. ධර්මරත්න (සබරගමුව )

 


අදහස් (0)

ඇවිදීමේ ශූරයා දුනුකාර - ශූරිය දිනුෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.