Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 110 (පිරිමි) කඩුලු පැන දිවීමේ රන් පදක්කම ජැමෙයිකාවේ හැන්ස්ලේ පර්ච්මෙන්ට් විසින් අද (5 වැනිදා) දිනාගන්නා ලදි. එම ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 13.04 ක කාලයකින් නිමා කරමින් ඔහු රන් පදක්කමට හිමිකම් කීවේය.
තිස්එක් හැවිරිදි හැන්ස්ලේ 2012 වසරේදී පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 110 (පිරිමි) කඩුලු පැන දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභියාද විය. කෙසේ වුවත් මෙම තරගයේදී සිය හොඳම කාලය වාර්තා කිරීමට ඔහු අසමත් වූ අතර එම ඉසව්වේදී ඔහු වාර්තා කරන ලද හොඳම කාලය තත්ත්පර 12.94 ක් ලෙස සටහන් විය.
හැන්ස්ලේට වඩා තත්ත්පර 0.05 ක් පසුපසින් තරගය නිමා කළ ඇමරිකාවේ ග්‍රාන්ට් හොලොවේ (තත්ත්පර 13.09) රිදී පදක්කම හිමිකරගත් අතර ජැමෙයිකාවේම රෝනල්ඩ් ලෙවී (තත්ත්පර 13.10) එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ හැන්ස්ලේට වඩා තත්ත්පර 0.06 පසුපසින් තරගය නිමා කරමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.