Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කපුකොටුවගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

කපුකොටුවගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස පිටියේදී දැන් පැවැත්වෙන 92 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මිටිය විසිකිරීමේ (පිරිමි) ඉසව්වෙන් යළිත් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා ක‍්‍රීඩක චරිත් කපුකොටුව අද (13 වැනිදා) සමත් විය. වසර 2012 දී ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර 50.44 ක් වන එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාව ඊයේ ඔහු අලූත් කළේ මීටර 51.54 ක දක්‍ෂතාවයක් දක්වමනි.

මෙවර මලල කී‍්‍රඩා ජාතික ශූරතාවලිය ඊයේ ආරම්භ වූ අතර එහි පළමු ශ්‍රී ලංකා වාර්තාව මෙයයි. කෙසේවුවත් එහි ජාතික ශූරතා තරග වාර්තාව මීටර 56.44 කට පිහිටුවා ඇත්තේ 91 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියට තරග වැදුණු මලයාසියානු ක‍්‍රීඩක ජැකී බාන්ග් වියර් විසිනි.

මෙවර ජාතික ශූරතාවලිය එළඹෙන ඉංචියෝන් ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම තෝරා ගැනෙන තේරීම් තරගාවලියක් වන බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය ප‍්‍රකාශකර ඇත.

මලල ක‍්‍රීඩා සංගමය ඒ සදහා හඳුන්වාදී තිබෙන අවම පරිසාදන මට්ටම අනුව හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වෙන් දිල්හානි ඞී. ලේකම්ගේ සහ මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න එම පරිසාදන මට්ටමට ළගා වෙමින් එම ඉසව් ජයග‍්‍රහණය කිරීමට සමත්ව සිටිති.

තරගාවලිය හෙට (14) සුගතදාස පිටියේදී නිමාවට පත්වේ. හෙට දිනයේත් අවසන් තරග ගණනාවක් පැවැත්වීමට නියමිතය.


අද (13) පැවැති තරග ප‍්‍රතිඵල

මීටර 10,000 (පිරිමි)
1. එන්. එච්. නවසිංහ (ගුවන් හමුදාව - විනාඩි 30 තත්පර 55.49),
2. සමන් කුමාර (යුද හමුදාව - 31.08.83), 3. සුජිත් කුමාර (යුද හමුදාව - 31.16.83)

යගුලිය විසිකිරීම (පිරිමි)
1. ඒ. ජේ. ඞී. පෙරේරා (නාවික හමුදාව - මීටර 15.40), 2. චරිත් කපුකොටුව (යුද හමුදාව - 14.91), 3. එස්. ජයකොඩි (යුද හමුදාව - 13.74)

හෙල්ල විසිකිරීම (කාන්තා)
1. එච්. එල්. එන්. ඞී. ලේකම්ගේ (යුද හමුදාව - මීටර 55.87), 2. කේ. ඒ. එම්. පී. සිල්වා (නාවික හමුදාව - 46.41), 3. කේ. වී. කවින්ද්‍රා (නාවික හමුදාව - 42.31)

මීටර 100 කඩුලූ පැන දිවීම (කාන්තා)
1. ඉරේෂානි රණසිංහ (පාසල් - තත්පර 14.85), 2. ඞී. එස්. ඩබ්ලිව්. එම්. මහලියන (ගුවන් හමුදාව - 14.90), 3. ඞී. පී. මොහොට්ටාල (ගුවන් හමුදාව - 14.93)

මීටර 800 (කාන්තා)
1. ජී. ටී. ඒ. අබේරත්න (නාවික හමුදාව - විනාඩි 2.04.46), 2. එන්. එම්. සී. දිල්රුක්‍ෂි (යුද හමුදාව - 2.05.64), 3. කේ. ඒ. ඞී. ස`දකාන්ති (ගුවන් හමුදාව - 2.05.69)

මීටර 800 (පිරිමි)
1. ඉදුනිල් හේරත් (යුද හමුදාව - විනාඩි 1.48.69), 2. ඩබ්ලිව්. ඒ. ඞී. කුමාර (නාවික හමුදාව - 1.49.76), 3. කේ. එච්. ඞී. එස්. කුමාරසිංහ (යුද හමුදාව -1.50.26)

දුර පැනීම (කාන්තා)
1. එන්. සී. ඞී. ප‍්‍රියදර්ශනී (නාවික හුමදාව - මීටර 6.11), 2. එල්. ඞී. ඞී. ඊ. රත්නසිරි (ගුවන් හමුදාව - 5.74), 3. ආර්. ඩබ්ලිව්. අයි. මධුවන්ති (ගුවන් හමුදාව - 5.72)

මිටිය විසිකිරීම (පිරිමි)
1. චරිත් කපුකොටුව (යුද හමුදාව - මීටර 51.54 - නව ශ්‍රී ලංකා වාර්තාවක්), 2. එල්. ඒ. ඞී. එලින්සන් (යුද හමුදාව - 46.69), 3. කේ. නිලන්ත (යුද හමුදාව - 43.07)

තුන් පිම්ම (පිරිමි)
1. ටී. ඒ. ඞී. එන්. තිලකරත්න (යුද හමුදාව - මීටර 15.93), 2. එරංග දිනේෂ් ප‍්‍රනාන්දු (යුද හමුදාව - 15.92), 3. නිමකසාජා කරුණාසිංහ (යුද හමුදාව - 15.70)

යගුලිය විසිකිරීම (කාන්තා)
1. ඩබ්ලිව්. ටී. කේ. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව - මීටර 14.40), 2. එම්. එන්. ඞී. මුතුනායක (නාවික හමුදාව -13.14), 3. පී. ඞී. ක්ලැරන්ස් (ගුවන් හමුදාව - 11.93)

මීටර 400 කඩුලූ පැන දිවීම (කාන්තා)
1. ටී. ජී. එන්. ඞී. වික‍්‍රමසිංහ (යුද හමුදාව - තත්පර 59.88), 2. එන්. ජී. ඞී. එන්. ලක්මාලි (ගුවන් හමුදාව - 62.14), 3. පී. කේ. එස්. යූ. මධුෂානි (ගුවන් හමුදාව - 63.32)

උස පැනීම (පිරිමි)
1. මංජුල කුමාර (ගුවන් හමුදාව - මීටර 2.13), 2. ඩබ්ලිව්. පී. ඒ. කේ. පතිරණ (ගුවන් හමුදාව - 2.07), 3. මිලාන් දිසානායක (යු හමුදාව - 2.04)

මීටර 3000 බාධක දිවීම (පිරිමි)
1. ආර්. එම්. එස්. පුෂ්පකුමාර (යුද හමුදාව - විනාඩි 9.00.41), 2. සංජීව ලක්මාල් (යුද හමුදාව - 9.04.67), 3. ඩබ්ලිව්, ජී. සී. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව - 9.16.12)

මීටර 5000 (කාන්තා)
1. එච්. ඒ. ටී. සී. හේමමාලි (පොලිස් - විනාඩි 16 තත්පර 38.09), 2. එස්. ඒ. ලමාහේවගේ (නාවික හමුදාව - 17.22.92), 3. ඞී. පී. එම්. එච්. මධුෂිකා (යුද හමුදාව - 18.00.47)

 

 


අදහස් (0)

කපුකොටුවගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.