Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක්‍රිකට් සල්ලි අපිට එපා : ඔලිම්පික් කමිටුව කියයි

ක්‍රිකට් සල්ලි අපිට එපා : ඔලිම්පික් කමිටුව කියයි

editorial - 2021 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුවට ඉහළින් හැකියාව තිබෙන බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය අපේක්‍ෂා නොකරන බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටියි.

ජාතික ඔලිම්පික් කමිටුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ කිසියම් අවශ්‍යතාවක් ඇතිවුවහොත් තමන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යංශය හෝ පෞද්ගලික ආයතන වෙත යොමුවන බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික ක්‍රීඩා සංගම්වලට උපකාර කිරීමට මෙය අවස්ථාවක් කර ගත හැකි යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් දෙදෙනකට පෙර කළ විමසීමකදී සභාපතිවරයා කියා සිටියේ ටෝකියෝ යන සම්පූර්ණ ශ්‍රී ලංකා කණ්ඩායමටම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බවයි. 

“ඒක ක්‍රීඩා ඇමතිතුමා වන නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක්. ඇරත් අපි මීට ඉස්සරවෙලාත් ඒ වගේ දේවල් කරලා තියෙනවා... මේක අලුත් දෙයක් නෙමේ. 2018 ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයාට කාර් එකක් තෑගි කළෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම තමයි“.... යයි පැවසූ ශම්මි සිල්වා මහතා ටෝකියෝ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 35 ක් හෝ 40 ක් වැයකිරීමට සිදුවනු ඇතැයිද පැවසීය. 


අදහස් (0)

ක්‍රිකට් සල්ලි අපිට එපා : ඔලිම්පික් කමිටුව කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.