Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මහියංගණයේදී නිමාවට පත්වූ 48 වැනි ජාතික මහ ක්‍රීඩා තරගාවලියේ මැරතන් පිරිමි ඉසව්වේ රන් පදක්කම මෙවරත් නැගෙනහිර පළාතේ ටී.එම්. රත්නපාල විසින් දිනා ගනිද්දී එහි කාන්තා ඉසව්වේ ජයග්‍රහණය ලබමින් රන් පදක්කම දිනා ගත්තේ මධ්‍යම පළාතේ වත්සලා හේරත් විසිනි.
පැය 2 විනාඩි 55 තත්පර 14 කට මැරතන් කාන්තා රන් පදක්කම ඇය විසින් හිමි කර ගැනීමේදී මෙම ක්‍රීඩිකාව ගියවර මෙහි රිදී පදක්කම ලබා තිබේ. මෙවර මැරතන් පිරිමි ඉසව්වේ ජයග්‍රහණය රත්නපාල තහවුරු කර ගැනීමේදී ඒ සදහා පැය 2 විනාඩි 25 තත්පර 55 ක කාලයක් ගත කර තිබේ.
ඔහුට තියුණු තරගයක් ලබාදුන් මධ්‍යම පළාතේ කේ.ශන්මුගේෂ්වරන් පළමු වතාවට මෙම තරගයට ඉදිරිපත් වෙමින් රිදී පදක්කම ලැබීම කැපී පෙනේ.
23 හැවිරිදි වත්සලා මහියංගණයේදී 2024 ජාතික මහ ක්‍රීඩා මැරතන් කාන්තා රන් පදක්කම දිනා ගනිද්දී එම පළාතේම ඒ අනූෂා හත් වැනි ස්ථානයද, එච්.ඒ.ඒ.එස්. ජයතිලක 10 වැනි ස්ථානය ලැබීමත් කැපී පෙණුනි.
මේ අතර මෙහි පිරිමි ඉසව්වේ සිවු වැනි ස්ථානයට පත් එම් සිවරාජන්, අට වැනි ස්ථානයට පත් ටී.ජී.සී.පී.අබේකෝන් මෙන්ම 10 වැනි ස්ථානයට පත් ජී.එම්.එම්.පී.කේ. මල්ගම්මන මධ්‍යම පළාත නියෝජනය කරමින් තරග වැදුණෝ වෙති.
මැරතන් පිරිම් ශ්‍රී ලංකා වාර්තාව පැය 2 විනාඩි 13 තත්පර 47 ක අගයක් ගන්නා අතර එහි කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පැය 2 විනාඩි 34 තත්පර10 ක අගයක් ගනියි. මෙම ශ්‍රී ලංකා වාර්තා දෙකම විදේශයන්හිදී පිහිටුවා තිබීම කැපී පෙනේ.අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (ලන්ඩනයේදී - 2015) හා හිරුණි කේසරා විජේරත්න (ජර්මනියේදී - 2019) මැරතන් කාන්තා හා පිරිමි ශ්‍රී ලංකා වාර්තාලාභියෝ වෙති.
මේ අතර මෙහිදීම පැවැති ඇවිදීම තරගාවලියේ කාන්තා ඉසව්වේ රන් රිදී හා ලෝකඩ යන පදක්කම් තුනම දකුණු පළාතේ ක්‍රීඩිකාවන් විසින් දිනා ගැනීමත් කැපී පෙනේ.
පාපැදි තරගමාලාව මෙවර සංවිධානය කිරීමේදී ස්ටෑන්ඩඩ් ඉසව්ව නැවත පණ ගන්වා තිබූ අතර මෙරට ප්‍රවීණතම තරගකරුවන් ක්‍රීඩා සමාජවලින් මිදී පළාත්වලට එක් වෙමින් තරග වැදුණු රේසින් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ පළපුරුදු ධාවකයකු වන චමෝද් ද සිල්වායි.ඒ බස්නාහිර පළාතෙන් ඉදිරිපත් වෙමිණි.
එහි කාන්තා රන් පදක්කම කිලෝමීටර 72 ක් නිමාවේදී ජය ගත්තේද බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩිකාවකි.ඇය ඩබ්ලිව්.ඒ.සදමිණීය.
ක්‍රීඩා අමාත්‍යාංශය මෙවරත් මෙම තරගමාලාව සංවිධානය කිරීමේදී ඒ සදහා අනුග්‍රහය දැක්වූයේ නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ නෙස්ලේ ලංකා සමාගම විසිනි. ඉසව් රන් පදක්කම්ලාභීන්ට එහිදී රුපියල් 50000 ක් බැගින් ප්‍රදානය කෙරුණි.
ඒ අතර සියලු ඉසව්හි 10 වැනි ස්ථානය දක්වාද මුදල් හා තෑගි පිරිනැමුණි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණයෙන් තරගමාලාව මහියංගණයේදී සංවිධානය කෙරුණි.
ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශ කර සිටින්නේ ජාතික මහ ක්‍රීඩා උළෙලේ නාමය ජාතික මහ ක්‍රීඩා තරගාවලිය ලෙස සංශෝධනය කර ඇති බවයි.ඒ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක නාමය හදුන්වන ආකාරයට අනුගත වෙමින් බවත් ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
තරග ප්‍රතිඵල
• මැරතන් (කාන්තා)
1 වත්සලා හේරත් (මධ්‍යම - පැය 2 විනාඩි 55 තත්පර 14)
2 නිමේෂා නිදර්ශණී (ඌව - 3.01.52)
3 එච්. ඩබ්.සී.දමයන්ති (සබරගමුව - 3.14.28)
• මැරතන් (පිරිමි )
1 ටී.ඩබ්.රත්නපාල (නැගෙනහිර - පැය 2 විනාඩි 25.55)
2 කේ.ශන්මුගේෂ්වරන් ( මධ්‍යම - 2.26.20)
3 අමිල සනත් කුමාර ( දකුණ - 2.27.11)
• ඇවිදීම (කාන්තා)
1 පී.බී.ගයානි ( දකුණ - පැය 1 විනාඩි 49 තත්පර 35)
2 කල්හාරි මධුරිකා (දකුණ - 1.54.54)
3 දිනූෂා දිල්හාණි (දකුණ - 1.59.52)
• ඇවිදීම (පිරිමි)
1 එම්.අයි.එස්.එස්.දුනුකාර (උතුරු මැද - පැය 1 විනාඩි 37 තත්පර 40)
2 වයි.එස්.විමලසූරිය (දකුණ - 1.38.21)
3 ඩී.එම්.ඩී.රුක්මල් ( ඌව - 1.විනාඩි 39.12)
• පාපැදි - රේසින්
(පිරිමි - කිලෝමීටර් 134)
1 චමෝද් ද සිල්වා (බස්නාහිර - පැය 2 විනාඩි 43 තත්පර 00)
2 සන්ජූ දීමන්ත (බස්නාහිර - 2.43.00)
3 එච්.එම්.එස්.පින්තෝ (වයඹ - 2.43.00)
• පාපැදි - රේසින්
(කාන්තා - කිලෝමීටර් 72)
1 ඩබ්.ඒ.ඒ.සදමිණි (බස්නාහිර - පැය 2 විනාඩි 27 තත්පර 36)
2 ඒ.එම්.ඩී දිල්රුක්ෂි (වයඹ - 2.27.36)
3 යූ.එන් කුමාරසිංහ (උතුරු මැද - 2.27.36)
• පාපැදි - ස්ටෑන්ඩඩ්
පිරිමි - (කිලෝමීටර් 134)
1 ඩබ්.එන්.එම්.ටී. සාමකුමාර (උතුරු මැද - පැය 2 විනාඩි 59 තත්පර 15)
2 ආර්.එන්.ඩබ්. බන්ඩාර (උතුරු මැද 2. 59.15)
3 එම්.එන්. දිසානායක (බස්නාහිර - 2.59.32)
• කාන්තා - (කිලෝමීටර් 72)
1 ඩබ්.පී.ඊ.ආර්.දුලක්ෂි ( දකුණ - පැය2 විනාඩ් 37 තත්පර 23)
2 ඒ.එෆ්.ඩී.ෆ්ලෙම්න් (බස්නාහිර - 2.37.23)
3 එස්.එම්.ඩී.ටී.පී.සපරමාදු (උතුරු මැද - 2.55.02)
පිරිමි මැරතන් ජයග්‍රාහකයෝ
කාන්තා මැරතන් ජයග්‍රාහිකාවෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.