Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කුසලාන 23 ක් පෙළගැස්වේ

කුසලාන 23 ක් පෙළගැස්වේ

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා ක්ක්‍ෂෙත‍්‍රයේ පැරණිතම තරගාවලියක් වන ජෝන් ටාබට් (ජ්‍යෙෂ්ඨ)මලල කී‍්‍රඩා ශූරතාවලියේ 2013 තරගාවලිය සඳහා කුසලාන 23 ක් පෙළගස්වා තිබේ. මෙවර තරගාවලිය සඳහා ඇතුළත් කර ඇති ඉසව් සංඛ්‍යාව 180 කි.

ජෝන් ටාබට් (ජ්‍යෙෂ්ඨ) මලල කී‍්‍රඩා ශූරතාවලිය හෙට (6 වැනිදා) සිට 8 වැනිදා දක්වා දින තුනක් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලිය සඳහා පසුගියදා චීනයේ පැවති ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල නියෝජනය කරමින් රටට කිර්තියක් ගෙන ආ නිර්මාලි මධූෂිකා, අකිල රවිශංක, දිල්හානි ප‍්‍රනාන්දු සහ අනුරාධා විදුශංක යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ද සහභාගී වීමට නියමිතය. මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පසුගිය වසර වලදීද ශී‍්‍රමත් ජෝන් ටාබට් ජේ්‍යෂ්ඨ මලල කී‍්‍රඩා තර`ගාවලියට සහභාගි වෙමින් පදකම් දිනා ගෙන තිබුණි.
මෙවර තරගාවලියේදී සුවිශේෂී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නුදුරේදී පැවැත්වෙන දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට

සහභාගී වීමේ අවස්ථාවද හිමිවේ. ශ‍්‍රීමත් ජෝ්න් ටාර්බට් (ජේ්‍යෂ්ඨ) මලල ක‍්‍රීඩා උළෙලේ තරග අවුරුදු 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා පිට පිටම දෙවැනි වරටත් අනුග‍්‍රහය දැක්වීමට සිලෝන් බිස්කට්ස් සමාගමේ ‘රිට්ස්බර්’ චොකලට් නිෂ්පාදකයන් ඉදිරිපත් වී තිබේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් සී. බී. එල්. ෆුඞ්ස්හි අලෙවි කළමනාකාර නිලූපුල් ද සිල්වා මහතා පැවසුවේ ශී‍්‍රිමත් ජෝන් ටාබර්ට් කණිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙල දිවයින සිවුකොන විසිර සිටි විවිධ පාසල් නියෝජනය කරන අංකුර මලල ක‍්‍රීඩකයින් හඳුනා ගන්නට වේදිකාවක් වූ බැවින් මෙවරද මෙම මාහැගි තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදීමට හැකි වීම ලද භාග්‍යයක් කොට සලකන බවයි.

83 වැනි වරටත් පවත්වනු ලබන ශ‍්‍රීමත් ජෝන් ටාර්බට් ජේ්‍යෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙල ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කරයි.


අදහස් (0)

කුසලාන 23 ක් පෙළගැස්වේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.