Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ජයික් හිල්ටන් නවාතැනේ සංවිධානයෙන් 9 වැනි වරටත් පැවැත්වෙන විනෝද ධාවන ලබන ඉරිදා (14 වැනිදා) පෙරවරු 7.00 ට කොළඹ ජයික් හිල්ටන් නවාතැන අසලින් ආරම්භ වේ.
කිලෝමීටර් 6 කින් සමන්විත වන මෙම විනෝද ධාවන පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ දෙකකින් පැවැත්වේ. මෙහිදී වයස අවුරුදු 15 ට වඩා අඩු ළමුන් සඳහා කිලෝමීටර් 3 කින් සමන්විත තරගයක්ද පැවැත්වීමට නියමිතය.
වැඩිහිටියන් සඳහා පැවැත්වෙන තරගය කොළඹ හිල්ටන් නවාතැන අසලින් ආරම්භ වී, ස්ටෙප්ලස් වීදියෙන් යුනියන් පෙදෙස දෙසට ගමන්කර දකුණට හැරී, මැලේ වීදිය ඔස්සේ සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර මාවතටත්, එතැනින් දකුණට හැරී, ටී. බී. ජයා මාවත ඔස්සේ පැමිණ, යුනියන් පෙදෙස පසුකරමින් නවාතැන අසලට පැමිණීමෙන් අවසන් වේ.
ළමුන් සඳහා පැවැත්වෙන තරගය මැලේ වීදියෙන් ආරම්භ වී, කුමාර රත්නම් මාවත ඔස්සේ කොම්පඤ්ඤ වීදිය පොලිසිය දක්වා ගමන් කර, එතැන් සිට යුනියන් පෙදෙස පසුකරමින් හිල්ටන් නවාතැන අසලට පැමිණීමෙන් අවසන් වේ.
මෙම විනෝද ධාවනය සහභාගී වන සෑම අයෙක්ම රුපියල් 500 ක මුදලක් ඇතුළත්වීමේ ගාස්තු වශයෙන් ගෙවිය යුතු අතර ඔවුන්ට තරගයට සහභාගී වීම සඳහා නිල බැනියමක් ලබාදීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත.
පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකේම පළමු ස්ථාන සඳහා රුපියල් 30,000 ක මුදලක් පිරිනැමෙන අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන වෙනුවෙන්ද පිළිවෙළින් රුපියල් 25,000 ක සහ 20,000 ක මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
අයදුම්පත් භාරගැනීම සෙනසුරාදා (13 වැනිදා) පස්වරු 5.00 ට අවසන් වෙන අතර තරගය පිළිබඳ වැඩිදුර තෙරතුරු 011-5344644 දුරකථන අංකය ඇමතීමෙන් දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.