Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක‍්‍රීඩා 10 කට ලොකු හැන්දෙන් බෙදයි

ක‍්‍රීඩා 10 කට ලොකු හැන්දෙන් බෙදයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනෙන් ක‍්‍රීඩා ඉසව් හතක් ඉවත් කර තිබෙන අතර අළුතින් ක‍්‍රීඩා ඉසව් තුනක් ඊට ඇතුළත් කර තිබේ. ඒ අනුව ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනට ඇතුළත් කෙරෙන ක‍්‍රීඩා ඉසව් ගණන 10 කට සීමා කර තිබේ.

වොලිබෝල්, පාපන්දු, හොකී, කබඩි, පැසිපන්දු, ජිම්නාස්ටික්, කරාටේ යන ක‍්‍රීඩා ඉසව් ”ක‍්‍රීඩා ශක්ති” වැඩසටහනෙන් ඉවත් කිරීමට ඒ අනුව තීරණය කර තිබේ.

‘කී‍්‍රඩා ශක්ති’ වැඩසටහනට රග්බි හා ඉලක්කයට වෙඩි තැබීම යන ක‍්‍රීඩා ඉසව් අළුතින්ම හඳුන්වා දී තිබෙන අතර පිහිනුම් කී‍්‍රඩාව ද නැවත කී‍්‍රඩා ශක්ති වැඩසටහනට එක් කිරීමට එහිදී තීරණය වී තිබේ.

‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනේ ක‍්‍රීඩා ඉසව් සංශෝධනය ගැන ‘ලංකාදීප’ කළ විමසුමක දී අදහස් දැක්වූ ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ ආසියානු පදක්කම් දිනා ගත හැකි ක‍්‍රීඩා ඉසව් කෙරෙහි අවධානය යොමු කරමින් ක‍්‍රීඩා අමාත්‍යාංශය නව තීරණයකට පැමිණි බවයි.

පසුගිය කාලයේදී ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනට එක්කරගත් ඇතැම් ක‍්‍රීඩා ඉසව්වලින් කිසිම ප‍්‍රගතියක් පෙන්වලා නෑ. අනිත් කාරණය තමයි අපි එසේ කලින් තෝරා ගෙන තිබුණු සමහර ක‍්‍රීඩා ඉසව්වලින් අපි ඉන්න තැන අනුවත් අපිට ජාත්‍යන්තර ජයග‍්‍රාහණ කරා යන්න හැකියාවක් නැති බව පැහැදිලි වෙලා තිබෙනවා.

ඒවාට රජය කරන වියදම් පලක් නොමැති තරම්. නමුත් ක‍්‍රීඩා ශක්ති වැඩසටහනෙන් ඉවත් කළත් ඒ ක‍්‍රීඩා ඉසව්වලට ක‍්‍රීඩා අමාත්‍යාංශය තවදුරටත් ආධාර කරනවා. අපි මූලිකවම බැලූවෙ ජාත්‍යන්තර පදක්කම් දිනා ගත හැකි යැයි වඩාත් විශ්වාසය තැබිය හැකි ක‍්‍රීඩා ඉසව් ගැන අවධානය යොමු කිරීමයි. ඇමැති අලූත්ගමගේ මහතා එසේ පැවසීය.

”ලොව දිනන ක‍්‍රීඩා ශක්ති” වැඩසටහන තුළින් ක‍්‍රීඩා අමාත්‍යාංශය දිස්ත‍්‍රික්ක හා පළාත් මට්ටමින් ක‍්‍රීඩා පුහුණු වැඩමුළු පවත්වා දක්‍ෂතා හෙබි යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ඔවුන්ට මාසිකව දිරි දීමනා ගෙවීමට කටයුතු කළේය.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ රට පුරා විසිර සිටින දක්‍ෂ නවක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් හඳුනා ගැනීමය. වැඩසටහන සංශෝධනය කරන විටත් තෝරා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවවෝ 1080 දෙනෙක් එමගින් ප‍්‍රතිලාභ ලබමින් සිටියහ. මලල ක‍්‍රීඩා, දැල්පන්දු, පිහිනුම්, බොක්සිං, රග්බි, බර ඉසිලීම්, ජූඩෝ, ඉලක්කයට වෙඩි තැබීම, බැඞ්මින්ටන් හා වුෂු යන ක‍්‍රීඩා ඉසව් සඳහා ඒ අනුව ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනෙන් තවදුරටත් අරමුදල් සැපයේ.


අදහස් (0)

ක‍්‍රීඩා 10 කට ලොකු හැන්දෙන් බෙදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.