Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ‍්‍රසීලයේ රියෝ ද ජනයිරෝහිදී ලබන වසරේ (2016) පැවැත්වෙන 31 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා තරගයට සුදුසුකම් ලබා සිටින ශ‍්‍රී ලංකා යුද හමුදා ක‍්‍රීඩිකා ගීතානි රාජසේකර කෝප‍්‍රල් නිලයට උසස් කිරීමට යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා පියවර ගෙන තිබේ.
ගීතානි ඉදිරියේදී සහභාගි වීමට නියමිත ලෝක ශූරතා මැරතන් තරගයේදී ලොව දක්‍ෂතාම ක‍්‍රීඩිකාවන් කීප දෙනා අතරට පැමිණිය හොත් ඇයට ද්විත්ව නිල උසස්වීමක් දෙන බවට ද යුද හමුදාපතිවරයා පොරොන්දුවී තිබේ.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් ඇයට නවීන පන්නයේ මැරතන් ධාවන පවහන් යුගළක් සහ මැරතන් ධාවනයේදී පළදින නවීන ඔරලෝසුවක් ප‍්‍රධානය කර තිබේ.
ගීතානිගේ පුහුණුකරු වන සජිත් ජයලාල් සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ පෝෂණවේදී තිසර ජයසේකර යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව ඇයට දෛනික විශේෂ ආහාර වට්ටෝරුවක් සහ සතියකට විශේෂ ආහාර මල්ලක් ලබාදීමට යුද හමුදා මලල ක‍්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.
පුහුණුකරු සජිත් ජයලාල් මහතාට මාසික දීමනාවක් ලබාදීමට යුද හමුදාව තීරණය කර තිබේ.ගීතානි පසුගියදා පැවැති හොංකොං ජාත්‍යන්තර මැරතන් තරගයේදී පැය 2 විනාඩි 40 ක දක්‍ෂතාවක් දක්වමින් ඔලිම්පික් පරිසාධන මට්ටම සම්පූර්ණ කිරීමට සමත් වූවාය.
ඇය 2014 වසරේ ශ‍්‍රී ලංකාවේදී සහභාගි වූ පළමු මැරතන් තරගයේදී පැය 2 විනාඩි 47 ක කාලයක් වාර්තා කරමින් ශ‍්‍රී ලංකා වාර්තාව අභිබවා යෑමට සමත් වූවාය.
ගීතානි ලබන අගෝස්තු මස චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන 15 වැනි ලෝක ශූරතා සහ කොරියාවේ පැවැත්වෙන 6 වැනි ලෝක ආරක්‍ෂක සේවා යන මැරතන් තරග දෙකට ද සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් සිටින්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.