Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන සමස්ත ලංකා ගුරු ක‍්‍රීඩා උළෙල නොවැම්බර් මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා නුවරඑළිය මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැදවීම මේ මස 21 වැනිදා අවසන් වේ.
මෙම තරගාවලියට රජයේ අනුමත පාසල්, ගුරු විදුහල්, පිරිවෙන් වල ගුරු මහත්ම මහත්මීන්ට සහ විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ට සහභාගිවිය හැකිය.
පළාතකින් කණ්ඩායම් තරගවලට කණ්ඩායම් තුනක් ඉදිරිපත් කළ හැකි අතර ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට මලල ක‍්‍රීඩා ඉසව් තුනකට පමණක් සහභාගි විය හැකිය. මලල ක‍්‍රීඩා තරගාවලිය වයස 25-30 (1985-89), 31-35 (1980-84), 36-40 (1975-79), 41-45 (1970-74), 46-50 (1965-69), 51-55 (1960-64) සහ 56-60 (1955-59) යන වයස් කාණ්ඩවලින් පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන් පැවැත්වේ.
තරගාවලියේ පළමු තරග දෙක වන 7 සහ 8 දෙදින වොලිබෝල්, සැහැල්ලූ පන්දු ක‍්‍රිකට්, දැල්පන්දු තරග පැවැත්වෙන අතර මලල ක‍්‍රීඩා තරග 9 සහ 10 දෙදින පැවැත්වේ.
අයැදුම්පත් ආයතන ප‍්‍රධානියාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ක‍්‍රීඩා, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතුය. වැඩි විස්තර 0718151988 හෝ 0112784835 යන දුරකථනවලින් එච්. කේ. ජයසේකර මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.