Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොලොම්බියාවේ පැවැති 9 වැනි ලෝක යොවුන් මලල කී‍්‍රඩා තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් පළමු කී‍්‍රඩකයන් 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ චමල් වඩුගේ සමත් විය.
තුන් පිම්ම ඉසව්වේ අවසන් මහ තරගයේදී ප‍්‍රතිවිරුද්ධ දිශාවට සුළගේ වේගය තත්ත්පරයට මීටර 0.6 ක් පැවැති අවස්ථාවක මීටර 15.53 ක දුරක් පනිමින් ඔහු එම දස්කම දැක්වීය. මෙය ඔහුගේ ඉහළම පෞද්ගලික දක්ෂතාවයද වේ.
මීටර 16.13 ක දක්ෂතාවයක් දැක්වූ කියුබාවේ කි‍්‍රස්ටීන් ඇන්තනී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර මීටර 16.02 ක දැක්වූ චීනයේ මිග්සී දූ එහි රිදී පදක්කමත්, මීටර 15.70 ක දක්ෂතාවයක් දැක්වූ කියුබාවේ ජූලියෝ සීසර් එහි ලෝකඩ පදක්කමත් දිනාගත්හ.
මෙම තරගාවලියේදී එකම පදක්කමක් හෝ දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්- අසමත් වූ අතර තරගාවලිය නිමාවන විට රටවල් 61 ක් අතුරින් ශ්‍රී ලංකාව 48 වැනි ස්ථානයේ රැදී සිටියේය.
චමල් වඩුගේ හැරුණුවිට දර්ශන කුමාර (මීටර 400 කඩුලූ පැන දිවීම), රොෂාන් රණතුංග (උස පැනීම) සහ යමානි දුලංජලී (මීටර 400 සහ මීටර 400 කඩුලූ පැන දිවීම) යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝද මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නමුත් එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔවුහු අපොහොසත් වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.