Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
චීනයේ චොන්ග්කින්ග් නුවරදී ඊයේ (28) පැවැති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අනුර දර්ශන මීටර් 400 (පිරිමි) ඉසව්ව තත්පර 45.48 කට ජය ගැනීමට සමත් විය. මෙය මෙතෙක් ඉසව්වේ ඔහුගේ හොඳම තෙවැනි දක්ෂතාව වේ.
වොන්ග්කින්ග් නුවරදී ඊයේ මෙම ඉසව්වේ අවසන් තරගයේදී මෙම දක්ෂතාව දක්වන ඔහු මෙහි පෙරේදා (27) පැවැති මූලික වටයේ තරගයේදී තත්පර 45.98 ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයට නිර්දේශ ලබා ගත්තේය.මෙම මූලික වටයේ තරගයේ ජයග්‍රාහකයා වූයේද අනුර දර්ශනය.
පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ ලබා ගැනීමේ මූලික අරමුණින් ඔහු මෙම තරගාවලියට සභභාගි වූ අතර මෙම ඉසව්වේ පැරිස් ඔලිම්පික් නිර්දේශය සදහා අවම නිමි කාලය තත්පර 45.00 කි.
ඉසව්වේ අනුරගේ මෙතෙක් හොඳම නිමි කාලය තත්පර 45.30 (2024) කි.පැරිස් ඔලිම්පික් නිර්දේශ සදහා මුල පිරීමට ඔහුට ජුනි 30 වැනිදා දක්වා අවස්ථාව සැළසී තිබේ.
මෙම ක්‍රීඩකයා 2023 ජූලි මාසයේදී බැංකොක් නුවරදී පැවැති ආසියානු ශූරතා තරගාවලියේදී ඉසව්වේ අවසන් තරගයෙන් හත් වැනි ස්ථානයට පත් විය.අනතුරුව එම වසරේ අගෝස්තුවේදී පැවැති බුඩාපෙස්ට් ලෝක ශූරතාවලියේදී ඉසව්වේ මූලික වටයෙන් පරාජයට පත්වූයේ තත්පර 45.70 කාලයක් වාර්තා කරමිණි.
මේ අතර වොන්ග්කින්ග් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ අද (29) තරග වැදීමට නියමිතය. මේ වන විට ඇය මෙතෙක් ඉසව්වේ සිය හොඳම හැකියාව ලෙස මීටර් 61.57 ක දක්ෂතාවක් පෙන්වා තිබේ.
පැරිස් ඔලිම්පික් නිර්දේශ කෙළින්ම ලබා ගැනීමට නම් හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් ක්‍රීඩිකාවක් අවම මීටර් 64.00 ක දක්ෂතාවක් පළ කළ යුතුය.
නදීෂා දිල්හානි සිය මෙතෙක් ඉසව්වේ හොඳම දක්ෂතාව හංජෝ (2023) ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගනිමින් ප්‍රදර්ශනය කරන අතර 2023 දීම පැවැති ආසියානු ශූරතා තරගාවලියේදී ඇය මීටර් 60.93 කට ලෝකඩ පදක්කම ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.