Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා මාර්තුවේ

ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා මාර්තුවේ

ශනුක අරවින්ද - 2016 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල 7 වැනි වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ලබන මාර්තු මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සම්මේලනයට අයත් ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසල් 24 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 3000 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගි වෙති. මෙහිදී වයස 7 න් පහළ, වයස 9 න් පහළ, වයස 11 න් පහළ, වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ, වයස 19 න් පහළ, වයස 20 න් පහළ බාලක සහ බාලිකා තරග ඉසව් 130 ක් පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ආධුනික මලල කී‍්‍රඩා සම්මේලනයේ තරග නීති සහ ජාත්‍යන්තර පාසල් සම්මේලනයේ රෙගුලාසි යටතේ විද්‍යුත් කාල සහ මිනුම් ගණනයන් සහිතව මෙවර තරගාවලිය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. තරගාවලියේ තාක්ෂණික කටයුතු සඳහා ශ්‍රී ලංකා ආධුනික මලල කී‍්‍රඩා සම්මේලනයේ සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීහු 300 ක් පමණ සහභාගි වෙති.

තරගාවලියේ සංවිධාන කටයුතු පරිගණක සහ අන්තර් ජාල ගත කොට ඇති අතර තරග ප‍්‍රතිඵල ලැබුණ වහාම නිල වෙබ් අඩවිය ඔස්සේ අන්තර් ජාලයට එක් කිරීමටද කටයුතු යෙදා ඇත. ඒ සඳහා පුහුණු නිලධාරීන් සහිත නවීන පහසුකම් වලින් සමන්විත මෙහෙයුම් මැදිරියක්ද කී‍්‍රඩාංගණයේ සිට කි‍්‍රයාත්මක කෙරේ.

ජාත්‍යන්තර පාසල් 13 ක සහභාගීත්වයෙන් 2001 වසරේදී මෙම තරගාවලිය ආරම්භ කර ඇති අතර ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත විය. එහි අනුශූරතාව කොළඹ ගේට්වේ විදුහලටත්, තෙවැනි ස්ථානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලටත් හිමිවිය.

මෙවර තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එඩෙක්සෙල් සමාගම කටයුතු කරන අතර මැක්ඩොනල්ස් සමාගම එහි සම අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.

සොල්ටී‍්‍රම්, සිලෝන් බිස්කට්, හයිඩ‍්‍රාමනි සහ මොබිටෙල් යන සමාගම් සහ ආයතන සෙසු අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.  

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා මාර්තුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.