Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍රමත් ජෝන් ටාබට් කනිෂ්ඨ (පාසල්) මලල කී‍්‍රඩා ශූරතාවලියේ 47 වැනි අදියර මේ මස 22 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 5500 ක් පමණ සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය පාසල් කී‍්‍රඩකයින්ට 071 3099800 යන දුරකතන අංකය ඔස්සේ ශ්‍රී ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් ටී. බී. වෙලගෙදර මහතා ඇතීමෙන් තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය.
සිව්වැනි වරටත් මෙම තරගාවලියට අනග‍්‍රාහකත්වය දැක්වීම සඳහා සිලෝන් බිස්කට්ස් සමාගමේ ‘රිට්ස්බරි’ ඉදිරිපත්ව සිටියි.
සිලෝන් බිස්කට්ස් සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරී (අලෙවි) තේජා පීරිස් මහත්මිය අතින් ශී‍්‍ර ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමයේ සභාපති එන්. ඒ. හේමන්ත මහතා අනුග‍්‍රාහක චෙක්පත ලබාගත් අයුරු... සිලෝන් බිස්කට්ස් සමාගමේ සහකාර කළමනාකරු (ප‍්‍රවර්ධන) පංචම රත්නායක, සහකාර සන්නාම කළමනාකරු අරුණ ලියනපතිරණ, ශී‍්‍ර ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් ටී. බී. වෙලගෙදර සහ සිලෝන් බිස්කට්ස් සමාගමේ මහජන සබඳතා කළමනාකරු ජානක බොතේජු යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.