Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජෝන් ටාබට් කනිෂ්ඨ ශුරතාවලිය අදියර 4 කින්

ජෝන් ටාබට් කනිෂ්ඨ ශුරතාවලිය අදියර 4 කින්

Nisanka Sandeepani - 2017 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් ජෝන්  ටාබට් ශුරතාව වෙනුවෙන් පැවැත්වෙන කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය මෙම වසරේ සිට අදියර හතරක් යටතේ පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් මලල  ක්‍රීඩා සංගමය විධි  විධාන යොදා ඇත.

කනිෂ්ඨ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට වැඩි පිරිසක් සහභාගි වන  හෙයින් එකවර ජාතික මට්ටමින් පමණක්  පැවැත්වීමේදී ක්‍රීඩක දක්ෂතා නිසි පරිදි හඳුනා ගැනීමට නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවකි. ඉසව්  වල තදබදය අවම කර ගැනීමත් ඉලක්ක කරගනිමින් මෙම වසරේ සිට තරගාවලිය අදියර හතරක් යටතේ කලාපීය මට්ටමෙන් පැවැත්වීමට පාසල් මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. 
කලාප තරගාවලියන්හි දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් (එක් තරග ඉසව්වකින් 64 දෙනෙකු බැඟින්) ජාතික මට්ටමේ අවසාන අදියර සඳහා තෝරා ගැනීමට  නියමිතය. මෙම තරගාවලිය වයස අවුරුදු 12න් පහළ, 13න් පහළ, 14න් පහළ සහ 15න් පහළ යන වයස් සීමා හතර යටතේ පවැත්වේ. 

කලාපීය තරග පැවැත්වෙන ආකාරය

■    වයඹ, උතුරු මැද, උතුර සහ නැගෙනහිර කලාප තරගාවලිය - ජුනි 16 සහ 17 පොළොන්නරුවේදී
■    බස්නාහිර සහ දකුණ කලාප තරගාවලිය - ජුනි 30 සහ ජූලි 1 හංවැල්ල රාජසිංහ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී
■    සබරගමුව, මධ්‍යම සහ ඌව කලාප  තරගාවලිය - ජූලි 12 සහ 13 නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේදී
■    අවසාන අදියරේ තරග - සැප්තැම්බර් 24, 25 සහ 26 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී 

 


අදහස් (0)

ජෝන් ටාබට් කනිෂ්ඨ ශුරතාවලිය අදියර 4 කින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.