Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජෝන් ටාබට් මලල කී‍්‍රඩා ශූරතාවලිය 13 වැනිදා සිට

ජෝන් ටාබට් මලල කී‍්‍රඩා ශූරතාවලිය 13 වැනිදා සිට

ශනුක අරවින්ද - 2014 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් ජෝන් ටාබට් ශූරතාව සඳහා පැවැත්වෙන අන්තර් පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන සඳුදා (13) ආරම්භ වේ. තරග මාලාවේ ජ්‍යෙෂ්ඨ තරගාවලිය 13 වැනිදා සිට 15 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.

තරග මාලාවේ කනිෂ්ඨ තරගාවලිය ලබන නොවැම්බර් 2 වැනිදා සිට 5 වැනිදා දක්වා ඇඹිලිපිටිය මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ තරගාවලිය 24 වැනි වරටත් පැවැත්වෙන අතර ඊට දිවයින පුරා පාසල් 410 කින් ක‍්‍රීඩකයෝ 2350 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවේ 1150 දෙනෙක් සහභාගි වෙති.

ඇඹිලිපිටියේදී පැවැත්වෙන 45 වැනි කනිෂ්ඨ තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එළඹෙන 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් කැඳවන පූර්ව ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා සංචිතය සඳහා තෝරාගැනේ.

දියගමදී පැවැත්වෙන තරගාවලියට ඇතුළත් ඉසව් ගණන 100 කි. ඇඹිලිපිටියේදී සංවිධානය කෙරෙන කනිෂ්ඨ තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 5000ක් පමණ සහභාගිවන බව ශ්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය ප‍්‍රකාශ කරයි.

ශූරතාවලියේ තෙවැනි ස්ථානය දක්වා රන්, රිදී හා ලෝකඩ පදක්කම්ද හා දක්ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ශූරතා කුසලාන සමඟ බාලක හා බාලිකා ශූරතා දිනන දෙවිදුහලට ශ්‍රීමත් ජෝන් ටාබට් ශූරතා පළිහ ප‍්‍රදානය කෙරේ.

ඡයාරූප විස්තරය - ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියට තෙවැනි වරටත් අනුග‍්‍රහය දක්වන සිලෝන් බිස්කට් (රිට්ස්බරි-චොක්ලට්) සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරිනී (වෙළෙඳ) තේජා පීරිස් මහත්මිය විසින් ශ්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති නන්දන ද සිල්වා මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව. සිලෝන් බිස්කට්ස් සමාගමේ අලෙවි කළමනාකරු නිලූපුල් ද සිල්වා, පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් නෙවිල් රුද්‍රිගු සහ එහි භාණ්ඩාගාරික ලක්‍ෂ්මන් හපුආරච්චි යන මහත්වරුද ඡයාරූපයේ වෙති.

ඡයාරූපය - ඉසුරු පෙරේරා


අදහස් (0)

ජෝන් ටාබට් මලල කී‍්‍රඩා ශූරතාවලිය 13 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.