Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරග පාවාදෙන්නන්ට එරෙහිව දඬුවම් පැමිණවීම සඳහා ළඟදීම පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගනයේදී නිමාවට පත්වූ 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය අමතමින් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප‍්‍රධානත්වයෙන් 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය හා ජය සංකේත ප‍්‍රදානෝත්සවය පැවැත්වුණි.
ක‍්‍රීඩා අමාත්‍යංශය මින් ඉදිරියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමුකරන බවද ක‍්‍රීඩා ඇමතිවරයා පැවසීය. එහි එක් පියවරක් ලෙස තරග පාවාදීමේ චෝදනා ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා තරග පාවාදෙන්නන්ට දඬුවම් පැමිණවීමේ පනත ඉතා ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බවත් ඇමැතිවරයා පැවසීය.
”ලබන සතියේ තහනම් විරෝධී පනත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒ පනතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණොත් එවැනි චෝදනාවලට වැරදිකරුවන් වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනමට ලක්වනවා පමණක් නෙමෙයි ඒ සඳහා ඔවුන්ට උදව් කරන පුහුණුකරුවන් නිලධාරීන් හා වෛද්‍යවරුන්ට හිරේ යන්නත් වෙනවා.”
”තහනම් උත්තේජක චෝදනා ලබන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමේ පනතක් ඒ සමග නිර්දේශ කරනවා. ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ක‍්‍රීඩා අමාත්‍යංශය සම්මත කර ගන්නා පනත් අනුව රටේ සෑම පාසල් සිසුවෙකුටම කුමන හෝ ක‍්‍රීඩා ඉසව්වක් හැදෑරීම අනිවාර්ය වෙනවා” යයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
විශ්වවිද්‍යාල හා විද්‍යාපීඨ සඳහා සුදුසුකම් ලබන සිසුන් අතරින් ක‍්‍රීඩා කුසලතාවලින් යුත් සිසුන්ට විශේෂ වරප‍්‍රසාදයක් ලෙස වැඩි ලකුණු දෙන්නත් කටයුතු සලසන බවද ඇමතිවරයා පැවසීය.
එහිදී ක‍්‍රීඩා උළෙලේ දැක්වූ දස්කම් වෙනුවෙන් යතුරුපැදි හිමිකරගත් ක‍්‍රීඩා උළෙලේ දක්ෂතම මලල ක‍්‍රීඩකයා වූ උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර විජේසේකරත් මීටර 400 හා මීටර 200 යන කාන්තා ඉසව්වලින් රන් පදක්කම් දිනූ චන්ද්‍රිකා සුභාෂිණී රස්නායකත් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් අතින් එම ත්‍යාග ලබාගත්හ.
40 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල ලබන වසරේ උතුරු පළාතේ කිලිනොච්චියේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.