Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තේරීම් තරග දියගමදී

තේරීම් තරග දියගමදී

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන තුන්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග මේ මස 13 සිට 15 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම දිනවල පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සමගාමිව මෙම තේරීම් පැවැත්වේ.


මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට වයස 20 න් පහළ (1997 සහ 1998 වසරවල උපන්) ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තරග සදහා ඉදිරිපත්විය හැකිය.


පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයෙන්ද, පාසල් නොයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන්ද අයැදුම්පත් ලබාගත හැකිය.


දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 19 සහ 20 දෙදින ඉන්දියාවේ ලක්නව් හිදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

තේරීම් තරග දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.