Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දස ප්‍රයාමයෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

දස ප්‍රයාමයෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 53 වැනි යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ලකුණු 279 ක් ලබාගත් යුද හමුදා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකාය සමත් විය. ලකුණු 322 ක් ලබාගත් යුද හමුදා 6 වැනි කාන්තා බළකාය එහි කාන්තා ශූරතාව දිනාගත්තේය.

ලකුණු 209 ක් ලබාගත් යුද හමුදා කාලතුවක්කු බළකාය පිරිමි අනුශූරතාව හිමිකරගත් අතර තෙවැනි ස්ථානය ලකුණු 145 ක් ලබාගත් ගැමුණු රෙජිමේන්තුවට හිමිවිය.

කාන්තා අනුශූරතාව හිමිකරගැනීමට ලකුණු 142 ක් ලබාගත් 6 වැනි කාන්තා බළකාය සමත් වෙද්දී, 4 වැනි කාන්තා බලකාය එහි තෙවැනි ස්ථානයට පත්වූයේ ලකුණු 139 ක් ලබාගනිමිනි.

මෙහිදී යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ ආර්. කරුණාතිලක දස ප්‍රයාමය ඉසව්වේදී ලකුණු 6837 ක් ලබාගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අතර රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 3.40 ක උසක් පනිමින් 3 වැනි කාන්තා බළකායේ හසිතා දිල්රුක්ෂි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවාය.

මෙම තරගාවලියේදී යුද හමුදා මලල ක්‍රීඩා වාර්තාවක් සහ නව තරගාවලි වාර්තා 8 ක් පිහිටුවීමටත්, එක් තරගාවලි වාර්තාවක් සම කිරීමටත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙහිදී සමත් වූහ.

තුන් පිම්ම (කාන්තා) ඉසව්වට සහභාගි වූ 6 වැනි කාන්තා බළකායේ විදූෂා ලක්ෂානි නව යුද හමුදා මලල ක්‍රීඩා වාර්තාවක් සහ නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමින් දස්කම් දැක්වූවාය.

තරගාවලියේ පිරිමි අංශයේ තරග සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින්ද, කාන්තා අංශයේ තරග සඳහා රෙජිමේන්තු 7 ක් නියෝජනය කරමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.


නව ශ්‍රී ලංකා වාර්තා

■    දශ ප්‍රයාමය (පිරිමි) - ආර්. කරුණාතිලක (යාන්ත්‍රික ඉන්ජිනේරු බළකාය) - ලකුණු 6837
■    රිටි පැනීම (කාන්තා) - හසිතා දිල්රුක්ෂි (3 වැනි කාන්තා බළකාය) - මීටර් 3.40
නව යුද හමුදා මලල ක්‍රීඩා වාර්තා
■    තුන් පිම්ම (කාන්තා) - විදූෂා ලක්ෂානි (6 වැනි කාන්තා බළකාය) - මීටර් 13.41


නව තරගාවලි වාර්තා
■    මීටර 10000 ඇවිදීම (පිරිමි) - ඩී. දුණුකාර (කාලතුවක්කු බළකාය) - විනාඩි 46:46.2
■    දුර පැනීම (පිරිමි) - එම්. මිෆ්රාන් (යාන්ත්‍රික ඉන්ජිනේරු බළකාය) - මීටර් 7.75  
■    තුන් පිම්ම (පිරිමි) - අයි. ජයසිංහ (කාලතුවක්කු බළකාය) - මීටර් 16.30
■    මීටර් 3000 බාධක දිවීම (පිරිමි) - ආර්. පුෂ්පකුමාර (කාලතුවක්කු බළකාය) - විනාඩි 9:01.4
■    මීටර් 100 කඩුලු පැන දිවීම (කාන්තා) - ඩබ්ලිව්. සුගන්දි (2 වැනි කාන්තා බළකාය) - තත්ත්පර 14.20
■    මිටිය විසිකිරීම (කාන්තා) - ඒ. අමරසිංහ (6 වැනි කාන්තා බළකාය) - මීටර් 44.20
■    දුර පැනීම (කාන්තා) - ඒ. සිල්වා (6 වැනි කාන්තා බළකාය) - මීටර් 6.08

 

තරගාවලි වාර්තා සම කිරීම්
■    උස පැනීම (කාන්තා) - එල්. විනෝදිනී (3 වැනි කාන්තා බළකාය) - මීටර් 1.75

 

 


අදහස් (0)

දස ප්‍රයාමයෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.