Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ද.ආ.කනිෂ්ඨ තරග යළිත් කල්යයි

ද.ආ.කනිෂ්ඨ තරග යළිත් කල්යයි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ලක්නව් නගරයේදී මේ මස 19 - 20 දෙදින පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය යළිත් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ඒ පිළිබඳව සත්කාරක ඉන්දීය තරග සංවිධායකයන් ප්‍රකාශ කර ඇත්තේ නොවැලැක්විය හැකි හේතූන් මත තරගාවලිය අත්හිටුවීමට සිදුවූ බවයි. මෙම තරගාවලිය පසුගිය මැයි මාසයේදී පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණත් එය ඔක්තෝබර් මාසයට කල් දමනු ලැබීය.

පසුගිය පෙබරවාරි මාසයේදී නවදිල්ලි නුවරදී රැස්වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය එහි සත්කාරය ශ්‍රී ලංකාවට දීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ 2016 නිල තරග කාලසටහනට අනුව එය පසුගිය සැප්තැම්බර් 8 සිට 11 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට සැලසුම්කර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකාවට තරගාවලියේ සත්කාරය අත්හැර දැමීමට සිදුවූයේ මෙරට ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි පැවැත්විය හැකිව තිබූ එකම ක්‍රීඩාංගණය වන කොළඹ සුගතදාස පිටියේ කෘත්‍රිම ධාවන පථය ඒ වන විට අබලන්ව අසාදු ලේඛනයට ඇතුළත්ව තිබූ නිසාය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු හා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතාගෙන් ලංකාදීප කළ විමසුමකදී පැවසුවේ ලක්නව් දකුණු ආසියානු තරගාවලිය ඉලක්ක කරමින් සහය දිවීමේ ඉසව් හැරෙන්නට සෙසු සියලු කේවල මලල ක්‍රීඩා ඉසව් ඉලක්ක කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ස්ථාපිත කර තිබූ බවයි.

පළමු වරට වසර 2007 කොළඹදී දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පවත්වා තිබේ. අනතුරුව එය වසර 2013 දී ඉන්දියාවේ රංචි නුවරදී අවසන්වරට පවත්වා තිබේ.

 


අදහස් (0)

ද.ආ.කනිෂ්ඨ තරග යළිත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.