Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිමාලිට උසස්වීමක්

නිමාලිට උසස්වීමක්

Dilrukshi - 2015 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තායිලන්තයේ පැවති ආසියානු ගෝන් ප‍්‍රී මලල කී‍්‍රඩා තරගාවලියේදී සහ 21 වැනි ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී දක්වන ලද දස්කම් හේතුවෙන් නායක ගුවන් කාන්තා ඒ. ඩබ්. නිමාලි ලියනආරච්චි අද (14 වැනිදා) සිට කෝප‍්‍රල් නිලයට උසස් කිරීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා තීරණය කර තිබේ.

අද පෙරෙවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ගගන් බුලත්සිංහල මහතා විසින් නව තනතුරට අදාළ උසස්වීමේ ලිපිය සහ මුදල් ත්‍යාගයක් පිරිනමන ලදි.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ වැවේගම කණිෂ්ඨ විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක‍්‍රීඩිකාවක් වන නිමාලි ලියනආරච්චි දෙවරක්ම මීටර් 800 ජාතික වාර්තාවට හිමිකම් කියා තිබේ. 2009 වසරේදී ගුවන් හමුදාවට එක්වුණු ඇය ඉකුත් මස පැවැති ආසියානු ගෝන් ප‍්‍රී තරගාවලියේදී රන් පදක්කම් 3 ක් සහ ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. 

ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ගුවන් කොමදෝරු සුදර්ශන පතිරණ, ගුවන් හමුදා මලල ක‍්‍රීඩා ලේකම් බලඝන නායක දීපාල් මුණසිංහ, ගුවන් හමුදා ක‍්‍රීඩා සභාවේ ලේකම් වින්ග් කමාන්ඩර් පද්මන් ඩි. කෝස්තා සහ ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සහ ගුවන් හමුදා ක‍්‍රීඩා සභාවේ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය -
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් නිමාලි ලියනආරච්චි උසස්වීමේ ලිපිය සහ මුදල් ත්‍යාගය ලබාගත් අවස්ථාව.

-036

 


අදහස් (1)

නිමාලිට උසස්වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.