Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනා අන්තර් රෙජිමේන්තු මළල ක‍්‍රිඩා තරගාවලියේදී හෙල්ල විසි කිරිම කාන්තා තරගයෙන් නව වාර්තාවක් තැබීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළ ඒ. එස්. එම්. අමරසිංහ සමත් වූවාය. තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (14 වැනිදා) ඇය තැබූ වාර්තාව මීටර් 42. 57 කි.
තරඟාවලිය දින තුනක් පුරා පැවැත්වෙන අතර තරගාවලියේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) තරග අවසන් වන විට වන වාර්තා 8 වාර්තා වී තිබිණ.
මීටර් 800 පිරිමි තරගයෙන් ශ‍්‍රී ලංකා යාන්ත‍්‍රික විදුලි ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප‍්‍රල් එච්. ඒ. එම්. හේරත් මිනිත්තු 1 තත්පර 49.80 කින් තරගය නිමාකර නව වාර්තාවක් තැබිමට සමත් විය. මෙම තරගයට සහභාගී වුවන්ගෙන් පළමු හතර දෙනාම කලින් පැවැති වාර්තාව අභිබවා යාමට සමත්වීම විශේෂයක් විය.
ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ ආර්. කේ. සෝමවර්ධන, ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එච්. එම්. එස්. කුමාර හා ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් ඩබ්. එම්. එස්. කේ. වෙදගෙදර කලින් පැවැති වාර්තාව අභිබවා ගියහ.
මීටර 400 සහය දිවීම (පිරිමි) ඉසව්වෙන් ශ‍්‍රී ලංකා යාන්ත‍්‍රික විදුලි ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම නව යුද හමුදා වාර්තාවක් තැබීමට සමත් විය. මීටර 400 සහය දිවීම කාන්තා තරගයෙන් නව වාර්තාවක් තැබීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය සමත්විය.
අද (15) පැවති තරගවලදී මීටර 10,000 ඇවිදීම කාන්තා ඉසව්වෙන් නව වාර්තාවක් තැබීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළ බී.ජී. ගයනි සමත් වූවාය. ඇය තරගය නිමා කළ කාලය මිනිත්තු 52.37.31 කි.
දුර පැනීම කාන්තා ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය හිමිකර ගත් දෙදෙනාම නව වාර්තා තැබීමට සමත්වූහ. මීටර් 5. 54 ක දුරක් පනිමින් ප‍්‍රථම ස්ථානය දිනාගත් ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළ පී. වී. ආර්. එස්. දිලන්කි නව වාර්තාවක් තැබූ අතර දෙවන ස්ථානය දිනාගත් ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළ කාන්තා එන්. ඒ. එම්. ධනංජනී මීටර 5.53 ක දුරක් පනිමින් පෙර වාර්තාව අභිබවා යාමට සමත්වූවාය.
මීටර් 400 කඩුලූ පැන දිවීමේ පිරිමි ඉසව්වේද නව වාර්තාවක් පිහිටුවන ලද අතර ප‍්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය දිනාගත් දෙදෙනාම පැරණි වාර්තාව අභිබවා ගියහ. ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ ජේ. එල්. ප‍්‍රසන්නජිත් පළමු ස්ථානය දිනාගත් අතර දෙවන ස්ථානය ශ‍්‍රී ලංකා යාන්ත‍්‍රික විදුලි ඉංජිනරු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එම්. එච්. සලිම්දීන් හිමිකරගත්තේය.
මීටර 800 සහය දිවීම පිරිමි ඉසව්ව නව වාර්තාවක් තබමින් ජයගැනීමට ශ‍්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සමත්වූහ.
හෙට (16) තරගාවලියේ අවසන් දිනය වන අතර අවසන් උත්සවය යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ඒ. ඩබ්. ජේ. කි‍්‍රෂාන්ත ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සවස හතරට පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.