Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ළමුන් සඳහා කුඩා ප්‍රමාණයේ මැරතන් තරග තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. දරුවන්ගේ වෙහෙස අව ප්‍රමාණ කිරීම සඳහා රාත්‍රී කාලයේ පැවැත්වෙන මෙම තරග සඳහා ජූලි 15, 22 සහ 29 යන දින තෝරාගනු ලැබ ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ කවර ආකාරයේ හෝ මැරතන් තරගයක් රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිත පළමු අවස්ථාව මෙයයි. වැඩි පිරිසකගේ සහභාගිත්වය හා සහ ශරීර සෞඛ්‍ය ගැන විශේෂ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා පැවසීය.
දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මෙම කුඩා මැරතන් තුන සංවිධානය කර ඇත.
ඒ අනුව වයඹ, මධ්‍යම සහ සබරගමුව පළත් ආවරණය වන පරිදි ලබන ජුලි 15 දා කෑගල්ලේදීද උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළත් ආවරණය කරමින් ලබන ජූලි 22 දා යාපනයේදීද දකුණු, බස්නාහිර සහ ඌව පළත් ආවරණ වන පරිදි ලබන ජූලි 29 දා මාතරදීද එම රාත්‍රී මැරතන් තරග සංවිධානය කර තිබේ.
මෙම තරග තුන පැවැත්වීමෙන් පසු සමස්ත ලංකා පාසල් මැරතන් තරගය ලබන සැප්තැම්බර් 15 දා කොළඹදී පැවැත්වීමට නියමිතය.
“ඇත්තටම පාසල් මැරතන් තරගයක් පෙ.ව 6.00 හෝ 6.30 ආරම්භ කරන විට පාසල් ළමුන් ඊට පෙර දින තරගය පැවැත්වෙන ස්ථානයට පැමිණිය යුතුයි. එම තත්ත්වය ළමයින්ටත්, ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් අපහසුතාවය ඇති කරනවා. එවිට තරග සහභාගිත්වය විශාල වශයෙන් අඩු වෙනවා. ප.ව 6.30 හෝ 7.00 ට තරගයක් ආරම්භ කළ විට ළමුන්ට ඇති පීඩාව අඩු වෙනවා” යයිද මෙම කුඩා මැරතන් තරග රාත්‍රී කාලයේ පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක් වූ සුනිල් ජයවීර මහතා පැවසීය.
“දුවන්නත් පහසුයි. අත්හදා බැලීමක් ලෙස මෙම වසරේ ආරම්භ කිරීමට නියමිත මෙම වැඩ පිළවෙල සාර්ථක වුවහොත් සෑම වසරකම එවැනි මිනි මැරතන් පවත්වනවා” යයිද ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.