Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ප‍්‍රතිඵල දෝෂයට හත් දෙනෙකුගේ වැඩ තහනම්

ප‍්‍රතිඵල දෝෂයට හත් දෙනෙකුගේ වැඩ තහනම්

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

පොළොන්නරුවේදී පැවැති රිදී ජුබිලි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ සමස්ත තරග ප‍්‍රතිඵල වැරැදි ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ කී‍්‍රඩා අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයෙකු ඇතුළුව එහි නිලධාරීන් හා සේවකයන් හත් දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

යොවුන් කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ  නියමයක් අනුව සේවය අත්හිටවූ නිලධාරීන්ට එරෙහිව තරුණ සේවා සභාව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රිදි ජුබිලි යොවුන් කී‍්‍රඩා උළෙලේ අනුශූරතාව රත්නපුර දිස්ති‍්‍රක්කය විසින් හිමිකර තිබුණු නමුත් තරග සංවිධායකයන් විසින් මුලින්ම ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ අනුශූරතාව ගම්පහ දිස්ති‍්‍රක්කය හිමිකරගත් බවකි. ගම්පහ දිස්ති‍්‍රක්කය කී‍්‍රඩා උළෙලේ හිමිකරගත්තේ තෙවැනි ස්ථානයයි.

කෙසේ වුවත් සේවය අත්හිටුවීමට ගත් තීරණය නිසා වසර ගණනාවක්ම මෙම කී‍්‍රඩා උළෙලට සේවය කළ මෙම නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තාවේ.

කී‍්‍රඩා උළෙල නිමාවට පත් කරමින් පැවැති සහය දිවීමේ ඉසව්වක ප‍්‍රතිඵලය ලැබීමට පෙර සමස්ත ප‍්‍රතිඵල සකස් කිරීම මෙම දෝෂයට හේතුවූ බවද තරුණ සේවා සභාවේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවසුවේ විමර්ශන කටයුතු ඉතා ඉක්මණින්ම අවසන් කර ප‍්‍රශ්නයට විසඳුමක් දෙන බවය.

”මෙම ප‍්‍රශ්නයට මැදිහත්වෙලා ඉන්න නිලධාරින් කී‍්‍රඩා උළෙලේදී ඉතාම කැපවීමෙන් කටයුතු කළ පිරිසක්. මේ ප‍්‍රශ්නයට හේතුව ඔවුන්ගෙන් නොදැනුවත්ව සිදුවුණු අතපසුවීමක් බවයි පෙනෙන්නේ”

”ඒත් සභාව අවසානයේදී වගකිවයුත්තේ රටේ තරුණයන්ට. ඒ නිසයි මේ වගේ තීරණයක් තීරණයක් ගන්න වුණේ” යයිද ලලිත් පියුම් පෙරේරා මහතා පැවසීය.

මේ සිද්ධියෙන් කියවෙන්නෙ තමුන්ගේ වගකීම් ගැන සැමදෙනාම අවධානයෙන් පසුවිය යුතු බවයි. ලලිත් පියුම් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

කෙසේ වෙතත් මලල කී‍්‍රඩා ප‍්‍රතිඵල භාරව සිටි නිලධාරියෙක් වේලාසනින් රාජකාරි අවසන් කර කිී‍්‍රඩාංගනයෙන් පිටව යාමත් මෙම ප‍්‍රතිඵල දෝෂයට හේතුවූ බවද දැනගන්නට ඇත.

මේ අතර කී‍්‍රඩා උළෙළ වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුගෙන් එල්ලවූ බව කියන චෝදනාවක් නිසා කී‍්‍රඩා උළෙලේ රාජකාරි කටයුතු කරමින් සිටි නිලධාරියෙකුද සේවයෙන් ඉවත්කර ආපසු කොළඹට එවීමට ඉහළින් නියෝග කර සිටි බවද වාර්තාවේ.

(නාමල් පතිරගේ)


අදහස් (2)

ප‍්‍රතිඵල දෝෂයට හත් දෙනෙකුගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.