Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔක්තෝබර් මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ජපානයේ කිතකාමි නුවරදී පැවැති ආසියාතික ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් මේ මස 22 වැනිදා පස්වරු 3.00 ට ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලන ශාලාවේදී පැවැත්වේ.
මෙම මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් 195 දෙනෙක් ඉදරිපත් වූ අතර ඔවුන්ගෙන් 15 දෙනෙක් පදක්කම් 31 ක් දිනාගත්හ. ඒ අතර රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් වෙයි.
ප‍්‍රවීනයන්ගේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා (නව) සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම උපහාර උත්සවයේදී කිතකාමී ආසියානු ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට අයැදුම්පත් යොමුකළ සියලූම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සහතිකයක් පිරිනැමීමටද බලාපොරොත්තු වන වන බවත් ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා (පැරණි) සංගමයේ සාමාජිකයන්ටත් මෙම උත්සවය සඳහා ඇරියුම් කරන බවත් ප‍්‍රවීනයන්ගේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා (නව) සංගමය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.