Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මංජුල කුමාරගේ වසර 23 ක වාර්තාවක් බිඳ වැටේ

මංජුල කුමාරගේ වසර 23 ක වාර්තාවක් බිඳ වැටේ

editorial - 2024 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ  සුගතදාස පිටියේදී  පෙරේදා (13) ආරම්භ වූ 64 වැනි ජාතික කනිෂ්ඨ මලල  ක්‍රීඩා තරගාවලියේදී වසර 23 ක් පැරණි  උස පැනීමේ වාර්තාවක් බිද දැමීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩක තරුෂ මෙන්ඩිස්  සමත් විය.

ඊයේ  (14) මෙම  දස්කම ඔහු කළේ  උස පැනීම  -  වයස 18 න් පහළ   (බාලක) ඉසව්වෙන් මීටර් 2.14 ක ඉහළ  දක්ෂතාවක් දක්වමිණි. උස පැනීම (පිරිමි) ඉසව්වේ පසුකාළීනව ආසියානු  රන් පදක්කම්ලාභීයකු  ලෙස විශිෂ්ට දස්කම් දැක්වූ  ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වන මංජුල  කුමාර විජේසේකර දික්වැල්ල  විජිත  මධ්‍ය  මහ විදුහලේ  සිසුවකුව සිටියදී  වසර 2001 දී මීටර් 2.06 කට පිහිටුවා තිබූ  ඉහත උස පැනීම  පාසල්   ඉසව්වේ වාර්තාව ඊයේ තරූෂ  අතින් බිද වැටුණි.එහිදී කැපී පෙනෙන්නේ  තරූෂගේ ඊයේ දක්ෂතාව මෙම ඉසව්වේ වයස 20 න්  පහළ කාණ්ඩයේ ජයග්‍රාහකයාද ( මීටර්  2.10) අභිබවා ගොස් තිබීමයි.

මෙම දක්ෂතා හමුවේ ඔහු අගෝස්තු  මාසයේදී  පේරු රාජ්‍යයේදී පැවැත්වෙන ලෝක වයස 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියටද නිර්දේශ  ලබා ගත්තේය.ඒ සදහා  මේ වන විට නිර්දේශ තහවුරු කර ගත්  මෙරට නව වැනියා ඔහුය.

අඟහරුවාදා (16) දක්වා පැවැත්වෙන මෙම  තරගාවලියේ ඊයේ දිනය නිමා වන විට නව තරග වාර්තා 15 ක් වාර්තාවී තිබුණි.සම කළ වාර්තාද දෙකක් සටහන්වී තිබුණි.

ඒ අතර කැපී පෙනෙන්නේ  වසර 19 ක් පැරණි යගුලිය විසි කිරීම -  වයස 20 න් පහළ ( බාලක) ඉසව්වේ  වාර්තාව  වසර 19 කට පසුව යුද හමුදා  ක්‍රීඩක රන්හිද අල්ව්ස් විසින් මීටර්  16.69 කට බ්ද දැමීමයි.ඒ බිංගිරිය සරණංකර  විදුහලේ ඔසන් රංජිත් පෙරේරා  විසින් මීටර් 16.56 කට ඉසව්වේ පිහිටුවා තිබූ මෙතෙක්  පැවැති එහි වාර්තාව බිද දමමිණි.


අදහස් (0)

මංජුල කුමාරගේ වසර 23 ක වාර්තාවක් බිඳ වැටේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.