Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල කී‍්‍රඩා තරග 1 - 2

මලල කී‍්‍රඩා තරග 1 - 2

Dilrukshi - 2015 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලාංකික ජවන හා පිටිය (සී.ටී.ඇන්ඞ් එෆ්. සී) මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන 53 වැනි වාර්ෂික ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරඟාවලිය ලබන අගෝස්තු 1-2 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී  පැවැත්වේ.

වයස 11න් පහළ, 12න් පහළ, 15න් පහළ, 13න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ, 20න් පහළ, බාලක හා බාලිකා හා විවෘත පිරිමි හා කාන්තා යන කාණ්ඩයන්ගෙන් මලල ක‍්‍රීඩා ඉසව් රැසක් එහිදී පැවැත්වීමට කටයුතු  යොදා තිබේ.

එහිදී වයස 11 න් පහළ, 12න් පහළ හා 13න් පහළ යන වයස් කාණ්ඩයන්හි අවසන් තරඟ නොපැවැත්වේ. එහිදී අපේක්ෂිත පරිසාදන මට්ටම ඉක්මවන සියලූම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහතිකපත් පිරිනැමීමට කටයුතු කෙරේ.

සෙසු තරඟ ඉසව් තෙවැනි ස්ථානය දක්වා රන්, රිදී හා ලෝකඩ යන පදක්කම් පිරිනැමේ.ලාංකික ජවන හා පිටිය මලල ක‍්‍රීඩ සමාජයේ ලේකම්  යසරෝහණ ද සිල්වා මහතා ඇමතීමෙන් (07236227784) තරඟාවලිය පිළිබඳව තොරතුරු ලබා ගත හැකිය.

 


අදහස් (0)

මලල කී‍්‍රඩා තරග 1 - 2

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.