Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති 32 වැනි වෙළෙඳ සේවා මලල කී‍්‍රඩා තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට ප‍්‍රසාද ලකුණු 418 ක් ලබාගත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමත් විය.
ප‍්‍රසාද ලකුණු 235 ක් ලබාගත් සම්පත් බැංකුවට එහි අනු ශූරතාව හිමි වූ අතර ඉන්දීය මලල කී‍්‍රඩා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 228 ක් ලබාගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.
ප‍්‍රසාද ලකුණු 238 ක් ලබාගනිමින් තරගාවලියේ පිරිමි ශූරතාවත්, ප‍්‍රසාද ලකුණු 180 ක් ලබාගනිමින් එහි කාන්තා ශූරතාවත් දිනාගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තරගාවලියේ සමස්ථ ශූරතාවට හිමිකම් කීවේය.
පිරිමි අනු ශූරතාව ප‍්‍රසාද ලකුණු 121 ක් ලබාගත් ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සමාගමට හිමිවූ අතර කාන්තා අනු ශූරතාව ප‍්‍රසාද ලකුණු 106 ක් ලබාගත් සම්පත් බැංකුවට හිමිවිය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ඉන්ස්ටිටියුට් ඔෆ් නොලේජ් මැනේජ්මන්ට් අයතනයේ ළහිරු දිලංකර සම්මාන දිනාගත් අතර දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ ඔහු එහිදී මීටර් 7.22 ක දක්ෂතාවක් දැක්වමින් නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවීය.
ජනශක්ති රක්ෂණ සමාගමේ නයෝමිකා ජයතිලක තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ ඇය එහිදී මීටර් 10.44 ක දක්ෂතාවක් දැවූවාය.
මෙම තරගාවලියේදී ශූරතා, ආධුනික, වයස 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ සහ 55 න් ඉහළ යන කාණ්ඩ යටතේ පිරිමි ඉසව් පැවැති අතර ශූරතා, ආධුනික, වයස 30 න් ඉහළ, 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ සහ 50 න් ඉහළ යන කාණ්ඩ යටතේ කාන්තා ඉසව් පැවැත්විණ.
වෙළෙඳ සේවා මලල කී‍්‍රඩා සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පෞද්ගලික ආයතන සහ සමාගම් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1500 ක් පමණ සහභාගී වූහ.
ඉන්දියාව නියෝජනය කරමින්ද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 100 ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම තරගාවලියට එක්විය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
ශූරතා කාණ්ඩය (පිරිමි)
ශූරතා කාණ්ඩය (කාන්තා)
ආධුනික කාණ්ඩය (පිරිමි)
ආධුනික කාණ්ඩය (කාන්තා)
ඉන්දීය කණ්ඩායම (පිරිමි)
ඉන්දීය කණ්ඩායම (කාන්තා)
වයස 30 න් ඉහළ (කාන්තා)
වයස 35 න් ඉහළ (පිරිමි)
වයස 35 න් ඉහළ (කාන්තා)
වයස 40 න් ඉහළ (පිරිමි)
වයස 40 න් ඉහළ (කාන්තා)
වයස 45 න් ඉහළ (පිරිමි)
වයස 45 න් ඉහළ (කාන්තා)
වයස 50 න් ඉහළ (පිරිමි)
වයස 50 න් ඉහළ (කාන්තා)
වයස 55 න් ඉහළ (පිරිමි)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.