Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

editorial - 2025 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
 
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (9) නිමාවට පත්වු පළමු ජාතික මලල ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ හා යොවුන්) තේරීම් තරගාවලියේදී මීටර්10000 (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කැළණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩිකා රසාරා විජේසූරිය සමත් වූවාය.24 හැවිරිදි ඇය විනාඩි 33 තත්පර 39.60 ක දක්ෂතාවයක් දක්වමින් එම නව ජාතික වාර්තාවට හිමිකම් කීවාය.
 
වසර 2018 දී ශ්‍රී ලංකා ක්‍රිඩිකා හිරුණි කේසරා විජයරත්න විසින් විනාඩි 33 තත්පර 55.06 කට ඇමැරිකාවේදී පිහිටුවා තිබූ එතෙක් පැවැති ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පෙරේදා (8) රසාරා අතින් මෙසේ බ්ද වැටුණි.මීට පෙර රසාරාගේ ඉසව්වේ හොදම දක්ෂතාවය වූයේ විනාඩි 34 තත්පර 35.92 කි.
 
මේ අතර මෙම තේරීම් තරගාවලියේ පෙරේදා දිනයේ තවත් කැපී පෙණුනුම සිදුවීම් අතර හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ දක්ෂතාවලට අවධානය යොමු වේ.එහිදී ජේය්‍යෂ්ඨ ක්‍රීඩක 33 හැවිරිදි යුද හමුදා ක්‍රීඩක සුමේධ රණසිංහ මීටර් 82.56 ක ඉහළම දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.මෙය ඔහුගේ ඉසව්වේ මෙතෙක් දෙවැනි හොදම දක්ෂතාවයයි වසර 2015 දී ඔහු මෙතෙක් සිය හොදම දක්ෂතාවය මීටර් 83.04 ක් ලෙස වාර්තා කර තිබේ.
 
එය එදා ඔහුට රියෝ (2016) ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට අවස්ථාව උදාකර දුන්නේය. 2019 වුහාන් ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී ඔහු මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ඇත.ඒ අතරම පසුගිය පැරිස් (2024) ඔලිම්පික් උළෙල සදහා නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව සෙන්ටිමීටර පහක අඩුවක් නිසා අහිමිවූ මෙම ඉසව්වේ සෙසු ජාතික ශූරයා වන රුමේෂ් තරංග මීටර 79.58 ක දක්ෂතාවයක් දැක්වීය.
 
කොරියාවේදී ඔහු 2024 ජූනි මාසයේදී මීටර් 85.45කට (පැරිස් ඔලිම්පික් අවම නිර්දේශය මීටර් 85.50) මෙම ඉසව්වේ මීට පෙර දැක්වූ දක්ෂතාවය එහි වත්මන් ශ්‍රී ලංකා වාර්තාව බවටද පත්ව තිබේ.ඒ අනුව සුමේධගේ පෙරේදා දියගම දක්ෂතා එදින වන විට ලෝකයේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ හොදම දක්ෂතාවය ලෙසත් වාර්තාවී තිබුණි.
 
වයස 20 න් පහළ කාන්ඩයේ උස පැනීම (පිරිමි) ඉසව්වෙන් මංජුල කුමාර විජේසේකර වසර 2002 දී පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව සම කරමින් (මීටර් 2.18) දක්ෂතා දැක්වීමට ඊයේ සමත්වූයේ ලෙසදු ආතාවිදුය.
 
ඊයේ දිනයේදී නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ෂවිදු අවිශ්ක මීටර් 1500 (බාලක - වයස 18 න් පහළ) ඉසව්වෙන් විනාඩි 3.තත්පර 59.24 කට නව වාර්තාවක් (පැවැති වාර්තාව විනාඩි4 තත්පර 00.14) පිහිටුවීය. එහි දෙවැනි තැන ලැබූ රත්නපුර ඇලෝසියස් විදුහලේ ළහිරු අචින්ත වාර්තා කළ විනාඩි 3 තත්පර 59.24 ක කාලය එහි පැරණි වාර්තාව අභිබවායාමේ දක්ෂතාවයකි.

අදහස් (0)

රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.