Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (24) ආරම්භ වූ 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ දිනය නිමාවේ නව වාර්තා දෙකක් බිහි විය.
ඊයේ දිනයේ තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් අටකට පමණක් සීමා වූ අතර පෙරවරුවේ දී පැවති කවපෙත්ත විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් මීටර් 44.59කට නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ විදුෂා ලක්මාලිය. ඇය උතුරු මැද පළාත් නියෝජනය කරමින් තරග වැදුණාය.
උතුරු පළාත් නෙසරාසා දක්ෂිතා මීටර් 3.50කට රිටිපැනීමේ දෙවැනි නව තරග වාර්තාව පිහිටු වූයේ පැරණි වාර්තාවට වඩා (මීටර් 3.48) සෙන්ටිමීටර් 2ක දක්ෂතාවක් දක්වමිනි. 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද සහ හෙටත් (25-26) පැවැත්වීමට නියමිතය.
වසර තුනකට පසුව මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙල සංවිධානය කෙරෙන අතර ඊයේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම ජුඩෝ හා මල්ලව පොර ක්‍රීඩක ඊ.එම්.සී. ප්‍රියංකර හා මලල ක්‍රීඩිකා ශිවන්ති ජයතිලක අතින් සිදු කෙරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.