Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන පෑන් පැසිපික් ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට යාම සඳහා වීසා අයැදුම් කිරීමේදී ඉදිරිපත් කරන ලද ලේඛන 04 ක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් තමන්ගෙන් විමසීමක් කරන ලද බව ශී‍්‍ර ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා (පැරණි) සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
”අප සංගමයේ ලේකම්වරයාට සහ මාහට කරන ලද දැන්වීමක් අනුව එම තානාපති කාර්යාලයට විසා ලබා ගැනීම සඳහා අප සංගමයේ ලිපි ශිර්ෂ යොදා ගනිමින් මාගේ අත්සනින් ඉදිරිපත් කර ඇති ලිපි 04 ක් පරික්ෂා කිරීමේදී එම ලිපි ශිර්ෂ මෙන්ම මාගේ අත්සනද ව්‍යාජ ලෙස යොදා ගෙන ඇති බැව් අනාවරණය විය” යයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සිය අත්සන මෙන්ම සංගමයේ ලිපි ශිර්ෂද ව්‍යාජ බැව් තහවුරු කරමින් ශී‍්‍ර ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා (පැරණි) සංගමය විසින් අදාල තානාපති කාර්යාලය වෙත ලිපියක් ඉදිරිපත් කරන ලද බවත්, එම නීති විරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා මෙන්ද දන්වා සිටි බවත් ශී‍්‍ර ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා (පැරණි) සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ප‍්‍රවීනයන්ගේ කී‍්‍රඩා උළෙලකට යාම සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා (පැරණි) සංගමය කිසිදු අවස්ථාවක විසා අයදුම් කර නොමැති බැව් තිස්ස සමරසිංහ මහතා අවධාරණය කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.