Last Update  :  2025-03-12 19:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වාර්තා පිහිටුවමින් සුමේධ ලෝක තරගාවලියට

වාර්තා පිහිටුවමින් සුමේධ ලෝක තරගාවලියට

editorial - 2025 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී  නිමාවට පත්වූ ජාතික මලල ක්‍රීඩා  තේරීම් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ ජගත් රණසිංහ මීටර 85.78 ක සුපිරි දක්ෂතාවක් දක්වමින් එහි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට පෙරේදා (8) සමත් විය.එම දක්ෂතාව හමුවේ ඔහු එළඹෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට නිර්දේෂ ලබා ගැනීමටත් සමත් විය.

ලබන සැප්තැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන මීළග ලෝක මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේෂ ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවටත් ඔහු එහිදී පත් විය.

34 හැවිරිදි සුමේධ 2024 ජූනි 15 වැනිදා කොරියාවේදී රුමේෂ් තරංග විසින් මීටර 85.45 කට පිහිටුවා තිබූ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ පැවැති ශ්‍රී ලංකා වාර්තාව පෙරේදා බිද දැමීමට ඒ අනුව සමත් විය.

වසර 2016 රියෝ ඔලිම්පික් උළෙලටද සහභාගි වූ සුමේධ රණසිංහ රුමේෂ් තරංගට ප්‍රථමයෙන්ද (මීටර 83.04) මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ක්‍රීඩකයායි.2015 දී පිහිටුවූ එම ශ්‍රී ලංකා වාර්තාව රුමේෂ් බිද හෙළනතුරු 2024 දක්වා පැවතුණි. රුමේෂ් තරංගද නොබෝදා ජපානයේදී මීටර 85.50 ක ඉසව්වේ දක්ෂතාවක් දැක්වීය.එහිදී ටෝකියෝ ලෝක තරගාවලියට නිර්දේශ ලැබීමට ඔහුට අඩු වූයේ සෙන්ටිමීටර නවයක් පමණි.

මේ අතර දියගම පිටියේ මෙම තේරීම් තරගාවලියේදී යොවුන් ක්‍රීඩක ලෙසදු අතපත්තු උස පැනීම (වයස 20 න් පහළ - පිරිමි) ඉසව්වෙන් මීටර 2.22 කට නව ජාතික වාර්තාවක් පිහිටුවීය.


අදහස් (0)

වාර්තා පිහිටුවමින් සුමේධ ලෝක තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.