විශේෂ මලල ක්‍රීඩා තරගය කල් දමයි

කොළඹ සුගතදාස පිටියේ දී හෙට සහ අනිද්දා (24-25) පැවැත්වීමට නියමිතව තිබූ ජාතික සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නිරීක්ෂණය කෙරෙන විශේෂ මලල ක්‍රීඩා තරගාවලිය දිනා නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඊයේ (22) තීරණය කළේය.
රටේ තත්ත්වය යහපත් අතට හැරුණු වහාම එය පැවැත්වීමට කටයුතු කරන බව ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.
හෙට සහ අනිද්දා පැවැත්වීමට සූදානම් කර තිබූ දක්ෂතා නිරීක්ෂණය කෙරෙන මෙම මලල ක්‍රීඩා තරගාවලියට ජාතික හා ‘සුපිරි’ යන දැනට ක්‍රියාත්මක ප්‍රධානතම මලල ක්‍රීඩා සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 22 දෙනකු සහභාගිවීමට නියමිතව සිටියහ.