Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වේගවත්ම කාන්තාව ජුජූ
පැරිස් ඔලිම්පික් - 2024

වේගවත්ම කාන්තාව ජුජූ

editorial - 2024 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

පැරිස්  ඔලිම්පික් මීටර් 100 ( කාන්තා) ඉසව්වේ රන් පදක්කම තත්පර  10.72 කට නව වාර්තාවක් පිහිටුවමින්  දිනා ගත් ශාන්ත ලුසියා ක්‍රීඩිකා ජූලියන් ඇල්ප්‍රඩ් ලෝකයේ අළුත්ම වේගවත්ම කාන්තාව බවට පත්වූවාය. ජුජූ යන කෙටි අන්වර්ථ නාමයෙන් ප්‍රචලිත ඇගේ ජයග්‍රහණය කැපී පෙණ්න්නේ මෙතෙක්  ලෝකයේ වේගවත්ම කාන්තාව  ලෙස පිළි ගෙන තිබූ ඇමරිකානු ක්‍රීඩිකා කෙරී ෂා රිචඩ්සන් පැරිස් ඔලිම්පික්  ධාවන  පඨයේදී ඇයට පරාජය වීමයි.

බුඩාපෙස්ට් ලෝක මලල  ක්‍රීඩා ශූරතා තරගාවලියේදී  (2023) කෙරී ෂා තතත්පර  10.65 කට රන් පදක්කම දිනා ගනිමින් ඒ වන විට ලෝකයේ වේගවත්ම කාන්තාව බවට පත්ව සිටියාය. එහෙත් ඇයට පැරිස් ඔලිම්පික්  ධාවන පථයේදී අත්වූයේ තත්පර  10.87 කට රිදී  පදක්කමයි.

ජූලියන්  මූලික වටයේදී තත්පර 10.95 ක්ද අවසන් පූර්ව  වටයේදී තත්පර 10.84 ක කාලයන් වාර්තා කරමින් අවසන් තරගයට  ප්‍රවේශ  වූවාය.බූඩාපෙස්ට් ලෝක තරගාවලියේදී ජූලියන් ඉසව්වේ පස් වැනි තැන ලැබූ ක්‍රීඩිකාව වීමත් මෙහිදී කැපී පෙනේ.

ඇය මීට පෙර පිටියේ  ඉසව් ක්‍රීඩිකාවක් ලෙසත් දස්කම් දක්වා ඇති ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි.

ලෝකයේ අළුත්ම වේගවත්ම මිනිසා නිර්දේශ  වන පැරිස්  ඔලිම්පික්  මීටර්  100 (පිරිමි ) ඉසව්වේ අවසන් තරගය ශ්‍රී  ලංකා වේලාවෙන් හෙට (5) අලුයම 1.20 ට ( ප්‍රංශ වේලාවෙන් අගෝස්තු 4 රාත්‍රී 9.50) පැවැත්වීමට  නියමිතව තිබුණි.


අදහස් (0)

වේගවත්ම කාන්තාව ජුජූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.