Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වියට්නාමයේ හොච්මින් නගරයේ පැවැති වියට්නාම් විවෘත මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වුහ. අනීත කරුණාසිංහ, තුන් පිම්ම (පිරිමි) ඉසව්වෙන් සහ වරුණ ලක්ෂාන්, හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් රන් පදක්කම් දෙක දිනාගත්හ.
අනීත, තුන්පිම්ම ඉසව්ව ජය ගැනීමට මීටර 15.78 ක දක්ෂතාවක් දැක්වීය. වරුණ, මීටර 74.80 ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
නිලානි රත්නායක, ඊයේ (30) පැවැති මීටර 1500 (කාන්තා) ඉසව්ව විනාඩි 4. තත්පර 23.47 ක කාලයකින් අවසන් කර රිදී පදක්කම දිනා ගත්තාය. නිලානි, සිය ක‍්‍රීඩා දිවියේ හොදම තරග නිමි කාලය ද මෙය වේ.
මීටර 400 (පිරිමි) ඉසව්වට සහභාගි වු ප‍්‍රදීප් කුමාර ඉන් තෙවැනි ස්ථානය ලබා ලෝකඩ පදක්කම ලැබීය. රටවල් අටක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරග වැදුණු මෙම තරගාවලිය අද (31) අවසන් වීමට නියමිතව තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.